මහින්දානන්ද සන්ධාන දිනුමට අනියි | Mahindananda brings discredit to the victory of the UPFA

(2010 අප්‍රේල් 09 - W3Lankaනාවලපිටිය ආසනයේ මැතිවරණය නැවත පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. පවත්වන දිනය ළඟදී ම ගැසට් කිරීමට නියමිත ය. 


නාවලපිටියේ ඡන්දය පවත්වනතුරු මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කරන තුරු සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන තුරු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාවන් නිර්ණය කළ නොහැකිය. 


මෙම තත්වය තුළ පාර්ලිමේන්තුව රැස් කිරීමට ද බැරි ය. 


නාවලපිටියේ නැවත ඡන්දය පවත්වන්නට රු. කෝටි ගණනක් මහජන මුදල් වැය වේ. 


සිංහල, දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට ලංකාවේ ආණ්ඩුවක් තිබේ ද යන්න පැහැදිලි නැත. 


මේ වීරකම කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බව ප්‍රදේශවාසීහු කියති. 


දූෂණයෙන් තොර විනයගරුක සමාජයක් බිහි කරන්නට පොරොන්දු වී සිටින ජනාධිපතිවරයා දැන් කුමන පියවරක් ගනු ඇද්දැයි අපි බලා සිටිමු. 

Comments

  1. How could this possibly happen if the Commissioner were in the president's pocket as alleged by some of you runts.

    Is it really true that everything will be in limbo until the results for this polling division are finalised. That's absurd.

    ReplyDelete
  2. රූපයේ සිටින සතාට අපහාස කරන්න එපා

    ReplyDelete
  3. ආන්ඩුව විසිරිලා තිබුනට නව ආන්ඩුවක් පත් කිරීමට ඡන්ද විමසුමක් පවත්වලා ඒකෙ ප්‍රතිඵල නිකුත් කරන තුරු ඊට පෙර පැවති ඇමති මන්ඩලය හා රටේ ජනපති පාලනය කරගෙන යා යුතුයි....
    මේක ආ.ක්‍ර. ව්‍යව. තියෙන නියෝගයක්.
    ඒ නිසා පරිපාලන අවුලක් වෙන්නෙ නෑ

    ReplyDelete
  4. සරණගේ මැරයෝ ගම්පහ එජාප ඡන්ද මිටි පිටින් උස්සන් දුවයි. පොලීසිය බකන් නිලා සිටී.

    ReplyDelete
  5. ! agreed with jaya "රූපයේ සිටින සතාට අපහාස කරන්න එපා"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා