අගමැති පුටුවට සීතල යුද්ධය උණුසුම් වන ලකුණු | Cold war for the premiership of Sri Lanka warming

(2010 අප්‍රේල් 18 - W3Lankaනව රජයේ අගමැති ධුරය වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනෙකු අතර සීතල යුද්ධයක් ඇති වී තිබේ. 


විධායක ජනාධිපති ක්‍රමයේ ඉතිහාසය පුරා ම රාජ්‍ය නායක අනුප්‍රාප්තිකයා වී තිබෙන්නේ අගමැකිවරයායි. විශේෂයෙන් ම ජනාධිපතිවරයකුගේ දෙවන ධුර කාලය තුළ අගමැති පදවිය දරන්නා හැම විට ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා වී තිබේ. මෙම තත්වය වෙනස් වූයේ ජනාධීපති රණසිංහ ප්‍රේමදාස හදිසියේ මිය යාමත් සමග ජනාධිපති පදවියට පත් වූ ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තරග නොකිරීමට තීරණය කළ අවස්ථාවේ පමණි. 


2004දී අගමැති ධුරය ලබා ගැනීම සඳහා බලවත් සටනක් කිරීමට මහින්ද රාජපක්ෂට සිදු වූ අතර, ඒ අවස්ථාව ඔහුට අහිමි වී නම් ඔහුට ගිරුවාපත්තුවේ දි.මු. ජයරත්න වන්නට ඉඩ තිබිණි. 


සිය දෙවන ධුර කාලය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන රාජ්‍ය නායකත්වයේ දිගට ම සිටිමින් සිය පුත්‍රයා මීළඟ රාජ්‍ය නායකත්වයට පුහුණු කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපති රජතුමාගේ උපාය වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. 


මෙවර අගමැති පුටුව සඳහා සීතල යුද්ධය මධ්‍යයේ ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ අද ලංකාදීප පුවත්පතේ පුවතක් පළ කරවාගෙන කියන්නේ ආණ්ඩුව සමතුලිතව පවත්වාගෙන යාමට සුදුසු ම පුද්ගලයා තමන් බවයි. 


දි.මු. ජයරත්න ද අගමැති ධුරය අපේක්ෂා කරන අතර මතු බලාපොරොත්තු සහිතව එස්.බී. දිසානායක ඔහුට සහාය දක්වමින් සිටියි.  උඩරට පදනමින් මීළඟ රාජ්‍ය නායකත්වය ඉල්ලා සිටීම එස්.බී. දිසානායකගේ උපාය වී තිබේ. 


මේ අතර, අගමැති ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සුදුසු ම ජ්‍යේෂඨතම පුද්ගලයා වන ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද අගමැති ධුරය සඳහා පක්ෂයේ ප්‍රබලයන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. 


නිමල් සිරිපාල ද සිල්වා ද අගමැති තනතුර අපේක්ෂා කරන බැවින් දැන් රාජ්‍ය නායකයන්ට පක්ෂ ඇතැම් ජනමාධ්‍ය විසින් සෞඛ්‍ය ඇමති ලෙස ඔහුගේ අසාර්ථකත්වය හුවා දක්වන පුවත් පළ කරන ආකාරය ද දක්නට ලැබේ. 


මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ද ෂුවර් නැති රත්නසිරි වික්‍රමනායකට මේ ගැටුම හේතුවෙන් නැවතත් අගමැතිකම හිමි වීමට ද ඉඩක් ඇත. 


ඉදිරි දින කීපය තුළ මෙම සීතල යුද්ධය උණුසුම් වීමට ඉඩ තිබේ. 


කවුරු අගමැති වුවත්, අප පැහැදිලිව ම කියන්නේ මීළඟ ජනාධීපති ඔහු බවයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා