බුඩීගේ 'මාතා' හා සංස්කෘතික ත්‍රස්තවාදය | Boodi Keerthisena's 'Matha' and cultural terrorism

(2010 අප්‍රේල් 17 - W3Lankaයාල්දේවි දුම්රිය පිපිරවූ ස්ථානයේ සිට වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමූ නන්දිකඩාල් කළපුව දක්වා සටන්වල රූප රාමු ඇතුළත් 'මාතා' චිත්‍රපටයේ හාඩ් ඩිස්ක් හෙවත් දෘඪාංග තැටිය හා චිත්‍රපටයේ වටිනා දර්ශන ඇතුළත් සීඩී තැටිය නාවල රූ සිනමා ක්‍රියේෂන් හවුස් චිත්‍රාගාරයෙන් පසුගිය දිනෙක පැහැරගෙන ඇත.


මෙය ඉතා පැහැදිලිව ම සංස්කාතික ත්‍රස්තවාදයකි. මීට පෙර ප්‍රභාකරන් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ තුෂාර පීරිස්ට ද මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය. 


යුද්ධය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් කලාත්මක නිර්මාණයක් කරන්නට හෝ යමක් විකුණාගෙන කන්නට හෝ නිර්මාන නිදහස ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ බුඩී කීර්තිසේනට තිබිය යුතුය. 


කලාකරුවන් ඉතිහාසය තුළ කරන කාර්යභාරය ප්‍රචණ්ඩ මැදිහත්වීමකි. එහෙත් ඒ වනාහි සංවාදයට භාජනය කළ යුතු විෂයක් මිස හාඩ් ඩිස්ක් පොඩි පට්ටම් කරන යුද්ධයක නිමිත්තක් නොවේ. 


බුඩී කීර්තිසේන ලංකාවේ මිනිසුන් සහ ගැහැනුන්ට ඇති බටහිර රටකට ගොස් සල්ලි හම්බ කර ගැනීමේ හා එහි පදිංචි වීමේ සිහිනය පිළිබඳ 'මිල්ලෙ සොයා' නම් විශිෂ්ඨ යථාර්ථවාදී චිත්‍රපටය නිර්මානය කළ කලාකරුවෙකි.


'මිල්ලෙ සොයා' නිර්මානය කළ ඔහුට 'මාතා' වැනි චිත්‍රපටයක් නිර්මානය කිරීම සඳහා අවස්ථාව ලැබීම ද පුදුමයට කරුණකි. 


ආණ්ඩුවට හෙලුවෙන් කඩේ ගිය සිනමා ව්‍යාපාරිකයන් සිටියදී මෙවැනි කාර්යයක් සඳහා බුඩී කීර්තිසේනට අවස්ථාව ලැබීම ඇතැම් දේශප්‍රේමීන්ගේ සැකයට හේතු වී තිබිණි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා