උපේඛා නිර්මානි හා ප්‍රාසාංගික කලාව මිලිටරිකරණය (නො)වීම

(2010 අප්‍රේල් 25 - W3Lanka ) සෑම රූපවාහිනී නාලිකාවකින් ම පාහේ සුපිරි තරු සෙවීමේ විවිධ තරග පවත්වන අතර ‍දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඒ අතරින් වඩා විධිමත් ලෙස සංවිධානය හා අලෙවි කරනු ලබන වැඩසටහනකි.


මෙම සුපිරි තරු තේරීමේ වැඩසටහන්වලට දස දහස් ගණන් තරුණ තරුණියෝ ඉදිරිපත් වෙති. මේ අතරින් වැඩිදෙනෙක් වසරක් පුරා රූපවාහිනී ආයතනවලට නොමිළේ කඹුරා හිස් අතින් ගෙදර යති. කෙසේ වෙතත් අවසානයට ඉතිරි වන කීපදෙනා නම් ප්‍රාසාංගික කලාව සම්බන්ධයෙන් හොඳ පරිචයක් ලබති.


පසුගිය වසර කීපය තුළ ඉදිරියට ආ මේ 'සුපිරි තරු' එතරම් නිර්මාණාත්මක කාර්යභාරයක් කර නැතිමුත් ඔවුහු ඉතා හොඳින් තමන් අලෙවි කරගෙන කෙටි කාලයක් තුළ සෑහෙන මුදලක් උපයා ගත්හ. ඉන්පසු සමහරු තමන් පැමිණි අන්ධකාර ලෝකයට ම ආපසු ගියහ.


දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන පිළිබඳ අප සටහනක් තබන්නේ මෙවර එහි සුපිරි තාරකාව ලෙස තේරීමට උපේඛා නිර්මානී නම් තරුණ කාන්තාව සමත් වූ නිසා ය. ලංකාවේ රූපවාහිනී ලෝලීන්ගේ කෙටි පණිවුඩවලින් තේරෙන මෙම සුපිරි තරු අතරට එන්නට මීට පෙර කාන්තාවක සමත් වූයේ නැත.


ගිය වසරේ නිලුපුලී දිල්හාරා නම් දක්ෂ ගායිකාවක දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසානය සමීපයට පැමිණි නමුත් ඇයට අන්තිමේදී අනු ශූරතාවවත් නොලැබිණි. අවසාන වටයට තේරුණේ උදේශ් ඉන්දුලට තරගයක් දීමට දක්ෂ වූ නිලුපුලී නොව වෙනත් අයෙකි.


මෙවර දෙරණ සිහින තරුව වූ උපේඛා නිර්මාණි සිල්වා ‘ජොලි සීයා’ ලෙස ප්‍රකට ප්‍රාසාංගික කලාකරුවකු වන චන්දු ද සිල්වාගේ දියණියකි. නිලුපුලී දිල්හාරාට මෙන් ම ඇයට ද සුපිරි තරුව වීම සඳහා සියලු දක්ෂතාවන් තිබිණි. අනු ශූරයා වූ උදේශ් මනෝජ්ට වඩා ඇය ගායනා කෞශල්‍යයෙන් ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව තුන්දෙනාම එක වගේ දක්ෂ යයි බොරුවට කියන නිරෝෂා විරාජිනී අපට වඩා හොඳින් දනියි.


උපේඛා අවසන් තරගයේදී මුහුණ දුන්නේ සුළුපටු අභියෝගයකට නොවේ. අති දක්ෂ ලෙස රොක් ශෛලියෙන් ගායනයේ යෙදුණ නිමේෂ් චාමික ඇයට නිර්මාණශීලිත්වයෙන් තරගයක් දෙද්දී උදේශ් මනෝජ් අලෙවි කළේ තමන් රණවිරුවකු බවයි. උදේශ් වෙනුවෙන් හමුදා සෙබලුන් යයි සිතිය හැකි ආක්‍රමණශීලී ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබුණු අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රේක්ෂකයකු ලෙස පැමිණ තරගය බැලුවේ ය. 


උදේශ් මනෝජ් සුපිරි තරුව වී නම් අප ලියන්නට ඉඩ තිබුණේ ප්‍රාසාංගික කලාව මිලිටරිකරණය වීම පිළිබඳවයි. අනුර ප්‍රියදර්න යාපා මාධ්‍ය ඇමති සමයේ ස්වාධීන රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද ගායනා හා වාදක කණ්ඩායම් සුපිරි තරු වැඩසටහන් දෙකක මුල් තැන ඇමති විසින් නියෝජනය කරන ලද කුරුණෑගල දිස්ත්‍රික්කයට ලැබීම පිළිබඳව අපි ඒ දිනවල පෙන්වා දුන්නෙමු. 


උපේඛා ඉදිරියට ආවේ මේ සියල්ල මැදිනි. විසිල් ගහන ජොලි කෙල්ලට අපෙන් සුබ පැතුම්. යන්තම් දහ අට පිරෙද්දී සල්ලි ගොඩක් ම ලැබුණු නිසා මුදල් සෙවීමට වඩා සංගීතය හදාරන්න අවධානය යොමු කළොත් සැබෑම සුපිරි තරුවක් වන්න තරම් ඇය දක්ෂයි.

Comments

  1. වටින ලිපියක්. මේ පාර ප්‍රේක්ෂකයො ‍යම් කිසි ආකාරයක‍ සිතා මතා තීරණයක් අරගෙන තියෙනවා කියලත් පේනව. මොකද වෙනද තේරුන සුපිරි තරු තේරුනෙ හරි අමුතු තේරීම් ඇතිව. ඒ කියන්නෙ දක්ෂතාවයට වඩා ඔය මිලිටරි කතා අරව මේව පිටිපස්සෙ තිබුන විදිහට.

    ReplyDelete
  2. ape panalayann bann.. umba danna bijja, nimesh mokekkda ban.. uuu hondai ara indrachapa kiyana pissaththekka sindu kiyanna danna... othana uuu wenuwata inna thibbe ara kalin OUT wechcha pora !!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා