ආතති කොමාට දැනටමත් එකසිය ගානට ආතතිය

(2010 අප්‍රේල් 07-W3Lanka ) අපේ අහිංසක ආතති කොමාට නැවතත් ආතතිය උත්සන්න වී ඇති බව දැනගන්නට තිබේ. 


ආතතිය ප්‍රදර්ශනය වීම වැළැක්වීම සඳහා ආතති කොමා ආතති දිනයට කලින් මාධ්‍යවලට මුහුණ නොදෙන බව පවසා ඇත. ඔහු පවසන්නේ ඔහුට ඊට වඩා වැඩ ඇති බවයි.


සහතික ඇත්ත ය. ඔහුට තිබෙන බරපතල රාජකාරියක් වන්නේ ආතතිය දවසේ ඡන්ද බලය නැති අපේක්ෂකයන් ඡන්දය නොදෙන බව පෙන්නන්නට බලා සිටින ජනමාධ්‍යවලට ඒ සඳහා අවස්ථාව නොදීමයි. 


මේ ඡන්දයට ඉදිරිපත් වී සිටින සමහර රජ පැටවුන්ට ඡන්දය නැත. තවත් රාජ සහෝදරයන්ට ඡන්දය තිබෙන්නේ ඇමරිකාවේ ය. 


ආණ්ඩුවේ ලොකු අපේක්ෂකයන් ඡන්දය දෙන විධිය පෙන්නන්නට ගියොත් මේ අය ඡන්දය නොදෙන බව ද පෙනේ. ඒ නිසා එකෙක්වත් ඡන්දය දෙන්නට යන හැටි නොපෙන්වා සිටින්නැයි ආතතියක් ඒ ලොක්කන් ආතති කොමාට ඇති කර තිබේ. ආතති කොමා ඒ ආතතිය ජනමාධ්‍යවලට මුදා හැර ඇත. 


මේ ඡන්දයේදී සාමාන්‍ය ජිල්මාට්වලට අමතරව පාලක පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා ජිල්මාට් සිදු වන්නට ඉඩ තිබෙන බැවින් ආතති කොමා ඉන්නේ තදබල ආතතියක ය. 


ඔහුගේ ආතති මුහුණ දකින්නට නොලැබීම අපට දුකකි. ඉරකි. තිතකි. 

Comments

  1. ඒ වයසක මනුස්සයාට එහම කියන්න එපා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා