ත්‍රස්තවාදය අවසන් නම් හදිසි නිතිය මොකටද? | Why emergency if terrorism finished

(2010 මාර්තු 03-W3Lanka)  කොටි සංවිධානය මෙරට තුළ යළි ක්‍රියාත්මක ද නැද්ද යන්න පිළිබඳ සැක සංකා මතු වන පුවත් සහ ප්‍රකාශ රජයේ මුලාශ්‍ර හරහා කියැවෙද්දී ආණ්ඩුව හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම පිණිස පාර්ලිමේන්තුව කැඳවා තිබේ. 


විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය දීර්ඝ කර ඇත. පාර්ලිමේන්තුව විසින් එම ක්‍රියාමාර්ගය දින 10ක් ඇතුළත අනුමත කළ යුතු අතර පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ ඒ නිසා ය. 


හදිසි නීතිය දීර්ඝ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයන් මර්දනය කිරීමට බව විපක්ෂය චෝදනා කළත්, ජවිපෙ වැනි වැඩිම මර්දනයක‍ට ලක් වන පක්ෂයක් පවා කිසි දිනෙක හදිසි නීතියට විරුද්ධව ඡන්දය දී නැත. එජාපය හදිසි නීතියට විරුද්ධව ඡන්දය දෙන්නට තීරණය කර තිබෙනමුත් ඡන්දය දෙන විට පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරු නැත.


හදිසි නීතියට එදා සිට අද දක්වා නොසැලී විරෝධය දැක්වූයේ දෙමළ ජාතික සන්ධානය පමණි. එහෙත්,  කොටි හිතවාදියකු යයි කලින් චෝදනා ලද සතාසිවම් කනගරත්නම් ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් ගණනාවක් ම දැන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් බැවින් ඔවුන් ද මෙවර හදිසි නීතියට පක්ෂව ඡන්දය දීමට ඉඩ තිබේ. 


ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගත් බව කියන ආණ්ඩුවට දැන් හදිසි නීතිය පවත්වාගෙන යාම සඳහා ත්‍රස්තවාදයට යළි පණ දීම‍ට උවමනා වී තිබේද යන සැකයක් මතු වී තිබේ. 

Comments

  1. It's to make sure that terrorists and NGO funded leftist anarchists can't cause chaos in our streets. Sri Lankans want stability and the government delivers. 58%!

    ReplyDelete
  2. I think Bardo Flanks is right. NGO funded leftist anarchists is the top of the list of evil and the biggest problem we face every single day. And second in the list JVP and third UNP. After that comes the Satan.
    It is petty though, we thought our government can deliver better stability than this, opposition still running wild destroying the country, west still force us to trial people before we jail them. You call it stability? We would rather like to have North Korean or Stalinist Soviet Kind of super duper stability. 58%!

    ReplyDelete
  3. Yes, these NGO funded leftists and unfunded leftists cause chaos regarding democracy, good governance, human rights etc. As same as Bardo thinks, some in the government ranks also assume that stability is what we achieve through silencing them.

    But the pragmatic leader MR knows too well that stability is not what comes in a chaos free world. Therefore, he will open space for chaos while maintaining emergency to suppress them.

    That's why Bardo Flanks can always have chaos with 'NGO funded leftist anarchists.'

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Well said Sam & the Editor!
    Sri Lanka is fast becoming a zero tolerance society for opposition. It seems like the government thinks that suppressing opposition is the way to stability. It reminds me of that popular folk story of the King who walked in public with nothing on.

    ReplyDelete
  6. government blaming JR for his constitution and enjoying its power maximum. hypocritic , stupid acts of govt. is not second to the nazi hitler's govt. in world war II era

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා