මෙන්න එජාපෙ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවන්න යන හැටි | This is how United National Front will reinstate democracy

(2010 මාර්තු 17-W3Lanka)  එක්සත් ජාතික පෙරමුණේ ‘ඔබට සහනයක් - රටට දියුණුවක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වී තිබේ. පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම පිළීබඳ හඬ නඟා කතා කළ එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීයහොත් ඒ වෙනුවෙන් කෙසේ කටයුතු කරයි ද යන්න ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන සාධක කීපයක් එමම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැකිය හැකිය.


පසුගිය ජනාධිපතිවරණ සමයේ එජාපය කියා සිටියේ බලයට පැමිණ මාස හයක් ඇතුළත විධායක ජනාධීපති ක්‍රමය වෙනස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ‍පවසන්නේ විධායක ජනාධීපති ක්‍රමය වෙනස් කරන බවයි. ඇත්තෙන්ම ගතහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන පක්ෂ අතරින් අතිබහුතරය විධායක ජනාධීපති ක්‍රමයට විරුද්ධ ය. එසේ නම්, එජාපය බලයට පැමිණියහොත් මෙම ක්‍රමය වෙනස් කිරීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. එහෙත් දැන් එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.


"මුල් මාස 6 තුළ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන ජනමත විචාරණයක් අපි පවත්වනවා."


ජනමතවිචාරණයක් පැවැත්වීම යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකි. එහෙත්, මෙහි ඇති අඩුපාඩුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ එජාපෙ ස්ථාවරය කුමක්ද යන්න සඳහන් නොවීමයි. එජාපෙ විධායක ජනාධිපති ක්‍රමයට ඇත්තෙන් ම විරුද්ධද?


හදිසි නීතිය වනාහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කිරීම සඳහා භාවිතා කරන්නකි. පසුගිය හදිසි නීති විවාදයේදී ද එජාපය එයට එරෙහිව ඡන්දය දුන්නේය. එහෙත් දැන් කියන්නේ කුමක්ද?


පාර්ලිමේන්තු සියලූ නියෝජිතයන්ගේ බහුතර ඡන්දයකින් හදිසි නීතිය සම්මත කර ගැනීමටත්, මාස 6 කින් පසුව 2/3 බහුතරයකින් එය සම්මත කර ගැනීමටත් අපි කටයුතු කරනවා.


ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන්නේ ද හදිසි නීතිය පවත්වාගෙන යාමටයි.


(ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටස් උපුටා ගනු ලැබුවේ එජාපෙ හිතවත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි.)

Comments

  1. අකුරු ලොකු වැඩියි කුඩා කරන්න.........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා