අපි වවමු-රට නඟමු! බිත්තරත් රටින් ගෙන්නමු! | Sri Lanka imports eggs

(2010 මාර්තු 10-W3Lanka)  විවෘත වෙළෙඳ පොළේ බිත්තරයක මිල රුපියල් දහය දක්වා පහත හෙළීමේ අරමුණින් බිත්තර ලක්‍ෂ තිහක් කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව අද දිනමිණ වාර්තා කරයි. දිනෙන් දින බිත්තර මිල ඉහළ යෑමෙන් පාරිභෝගික ජනතාව විශාල අසීරුතාවකට පත්ව ඇති බවත්, එහෙයින් රජය මේ තීන්දුව ගත් බවත්, පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක අවධාරණය කර තිබේ.


බිත්තරයක මිල මේ වන විට රුපියල් 16 ක්‌ පමණ වේ. මේ වන විට කුකුළු මස් මිළ ද පාලන මිළ වූ කිලෝවකට රු. 350 පසු කර ගොස් තිබේ. කුකුළු ගොවිපළ හිමියන් පවසන්නේ කුකුල් මස්‌ කිලෝවක මිලෙන් රුපියල් පනස්‌ හතක්‌ම රජයේ බදු බවයි. එසේම කුකුළ් කෑම මිල ඉහළ යැම ද මීට බලපා තිබේ.

කුකුළ් පාලනය මේ වන විට බොහෝදුරට මහා පරිමාණ සමාගම් කීපයකට නතුවීම නිසා ඒකාධිකාරයක්‌ ඇතිවීම ද මීට සෘජු ලෙසම බලපා තිබේ  



පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය.


එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි.


කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනපති ජනහමුවකදී පැවසුව ද ගිය අවුරුද්දේ රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් 90%ක් ම පිටරටින් ආනයනය කර ඇති බව බන්දුල ගුණවර්ධන පැවසීය. 2005 අවුරුද්දේ මෙම ප්‍රතිශතය 89.1%ක් විය.


2005දී රටේ අර්තාපල් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 33.%ක් පමණක් වුව ද, 2008දී සමස්ත අවශ්‍යතාවෙන් 57%ක් ම ආනයනය කර ඇත.


2005දී රටේ ලොකු ළූනු අවශ්‍යතාවෙන් ආනයනය කළේ 66.6% ක් වුව ද 2008දී 71.9%ක් ම පිටරටින් ගෙන්වා තිබේ.


2005දී රටේ මිරිස් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 67%ක් පමණක් වුව ද 2008දී 73%ක් මආනයනය කර ති‍බේ.


මේ අතර රටේ සමස්ත සීනි නිෂ්පාදනයෙන් 92.7%ක් ද ආනයනය කෙරිණි. 2005දී ආනයනය කරනු ලැබුවේ 89.6%ක් පමණි.


මෙම තොරතුරු හෙළිදරව් වූයේ ජවිපෙ මන්ත්‍රී රණවීර පතිරණ විසින් අසන ලද ප්‍රශ්නයකට සපයන ලද පිළිතුරුවලිනි.


අමුඩ ගසාගෙන කුඹුරු හෑ ජනාධිපති හා ඇමතිවරු දැන් පිටරටින් හාල් ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනේ ය.


පසුගිය නත්තලට ද කුකුළු මස් හා බිත්තර ආනයනය කරනු ලැබිණි. දේශීය බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද දැන් "අපි බිත්තර දාමු - රට නඟමු" වැනි වැඩපිළිවෙලක් දියත් කිරීමට පුළුවන.


නැතිනම්, බිත්තර හා මස් කෑම නරක බව පෙන්වන ප්‍රචාරක ව්‍යාපාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිවරුන් හෝ වෙනත් පැවිදි නායකයන් යොදවා පටන් ගත හැකි ය. 

Comments

  1. Api wawamu - rata nagamu programme eken biththara gena balanna be ne. Biththara wawanna be ne. Kiwwa wage ekata Api biththara Damu - rata nagamu wage programme ekak ekata patan ganna oone............

    ReplyDelete
  2. I have been out of Sri Lanka for about 5 years and it's quite surprising to know that the retail price of an egg has gone up to Rs. 10/-???
    This is a good indication of where the economy is moving and it sounds like we are very close to Zimbabwe.

    ReplyDelete
  3. Too many cooks spoil the soup, poultry product development is not a subject of Agricultural minister, its a livestock development ministers responsibility, there may be other minister who is reponsible for polutry products only, who knows!, because all of MPP in the parliment are ministers except opposition MPP. In that view, there may be polutry product development minister and he is the real culprit for the egg problem. To whom complain?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා