රට බල්ලට ගියා - බල්ලො විදේශ සේවයට ගියා | Sri Lanka goes to dog as dogs go to foreign service

(2010 මාර්තු 22-W3Lanka)  තමන් නවාතැන් ගත් නිවසේ තිබූ වටිනා චිත්‍රයක් සහ කෞතුක වටිනාකමකින් යුත් චිත්‍රයක් සොරකම් කර ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ජපානයේ සේවය කළ ලාංකික විදේශ සේවා නිලධාරියෙකුට එරෙහිව ජපන් ජාතික නිවෙස් හිමියකු පැමිණිලි කර තිබේ. 


මෙම තානාපති පියානෝවක්, ඇඳක් හා මේසයක් ද සොරකම් කර ඇතත් ඒ‍වා ඔහුට තෑගි වශයෙන් දීමට ජපන් ජාතිකයා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. එහෙත්, ඉහත කී භාණ්ඩ දෙක දෙන තෙක් තානාතිට කුලියට දී තිබූ නිවසේ  තුලී අත්තිකාරම ආපසු ගෙවීම අත්හිටුවීමට නිවෙස් හිමියා තීරණය කර ඇත. 


මේ හොරා විදේශ සේවයට දේශපාලන පත්වීමක් ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංවිධානයේ සාමාජිකයකු බව ද වාර්තා වේ. 


ගිය වසරේ ජපානයට ගිය ලංකා අගමැතිට ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබුණේ සාමාන්‍ය වීසා බැවින් ඔහුට නැරිටා ගුවන් තොටුපළේ පැය භාගයක් පමණ රැ‍ඳෙමින් ඇඟිලි සළකුණු පවා දෙන්නට සිදු විය. 


(මාතෘකාවෙන් සිත් රිදවීමක් සිදු වී තිබේ නම් බල්ලන්ගෙන් සමාව අයදිමු.) 

Comments

  1. මෙවන් ඉතා පහත් සොරකමක් සිදුවී ඇති බව සැබෑවක් නමුත් අදාල නිලධාරියා තානාපතිතුමා නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
    ජපානයේ හිටපු සහ නව තානාපති වරුන් දෙදෙනාම ස්ථිර විදේශ සේවයේ නිලධාරීන් බැවින් මෙ මගින් ස්ථිර විදේශ සේවයේ නිලධාරීන්ට වන හිත් රිදීම වලක්වාලනු ඇතැයි උදක්ම බලා පොරොත්තුවෙමි.
    දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයට පිටත්ව ගොස් සිටින මෙවන් හොරු රැල නිසා විදේශ සේවයේ යෙදෙන ස්ථිර නිලධාරීන් සියලු දෙනාම සෑම රටකදීම දැඩි අපහසුතාවයනට මුහුණ දෙමින් සිටී.
    අදාල පුවත මෙතනින් කියවා බලා ඔබේ නිවැරදි කිරීමක් බලාපොරොත්තුවෙමි.Minister Consular යනු අමාත්‍යය උපදේශක යන තන තුරයි.[Sunday Times(21-03-2010)-News-Piano diplomat faces FM music]
    {'මෙම 'තානාපති' පියානෝවක්'- වරද ඇත්තේ මෙතැනයි..අනිත් සියල්ල නිවැරදිය.ඔහු තනාපති නොවේ. }

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා