සුසිල් ප්‍රේම ජයන්ත තමන් බේරා දෙන්නැයි තිස්ස අත්තනායකගෙන් ඉල්ලයි | SOS call from Sri Lanka ruling alliance secretary to his opposition counterpart

(2010 මාර්තු 30-W3Lanka ) පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවෘත රූපවාහිනි සජීව සංවාදයකට එන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන ජනාධිපතිගේ සහයෝගය ලැබෙන විමල් වීරවංශ වැනි අය හමුවේ මනාප පොරය පරාජය වීමේ අනතුරට මුහුණ දී සිටින මේ අසරණ ඇමතිවරයාට පිහිට වීම තිස්ස අත්තනායකට කළ හැකි මහා සේවාවකි.


මක් නිසාද යත් මෙම විවාදය මුවාවෙන් ප්‍රේම ජයන්තට අමතර මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගත හැකි ය.


තිස්සගේ නායකයා ඔහු ජාතික ලැයිස්තුවට දා දුන් නමුත් සන්ධානයේ ලේකම් වෙලාත් සුසිල්ට එහෙම චාන්ස් එකක් නොලැබිණි. ඒ චාන්ස් එක ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කමට කෙළ හළමින් සිටින ඩලස් අලහප්පෙරුමටයි. ඒ මදිවාට දැන් ලොක්කා කින්නේ මනාපවලින් පරදින එවුන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදෙන බවයි. පැරදුණොත් ප්‍රේම ජයන්තට වන්නේ ආපසු අලුත්කඩේ යන්නයි.


ඒ මදිවාට රජ ගෙදර පරවියා වන විමල් වීරවංශ ද ඊයේ පෙරේදා කොට්‌ටාව, මාකුඹුර, මැතිවරණ ශ්‍රවණාගාරයේ පැවති ගුරුවරුන්ගේ ජනහමුවක්‌ අමතමින් ප්‍රේම ජයන්තට මෙහෙම ඇන්නේ ය.


'රට ගොඩනගන ඊළග යුද්ධයේ දී අධ්‍යාපනයේ සංවර්ධනයත්, ගුණාත්මක පරිවර්ථනයක්‌ කරන්න අවශ්‍ය දේශපාලන හයිය වුවමනායි. ඒකට ගැලපෙන නායකයෝ ටිකක්‌ ජනාධිපතිතුමාගේ ගමනට අවශ්‍යයි. එහෙම නැතුව ජාතික අධ්‍යාපනයක්‌ ගොඩ නගන්න බැහැ.


'අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලයක ඉඳල එන ප්‍රශ්න තියෙනවා. එක එක ප්‍රශ්න ගත්තොත් මහ ගොඩක්‌. ගුරුවරුන්ට ප්‍රශ්න, විදුහල්පතිවරුන්ට ප්‍රශ්න, ළමයින්ට ප්‍රශ්න, ළමයා පාසලට ඇතුළත් කරන්න ඉන්න දෙමාපියන්ට ප්‍රශ්න. මින් ඉදිරියේ දී ප්‍රශ්න තියාගෙන රට ඉදිරියට ගෙන යන්න බැහැ. ඊළග ආණ්‌ඩුවේ දී රට ගොඩනගන්න නම් මේ සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු සොයාගත යුතුයි. ඒ සඳහා අපි සූදානම් විය යුතුයි. ඒක කරන්න අපිට පුළුවන්. ඒක කරන්න පුළුවන් සුදුස්‌සෝ තෝරලා පාර්ලිමේන්තුවට යවන්න.'


ඒකියන්නේ දීර්ඝ කාලයක ඉඳලා අධ්‍යාපනය භාරව ඉන්න ප්‍රේම ජයන්තව පාර්ලිමේන්තු එවන්න එපා. වීරවංශට අධ්‍යපානය භාර දෙන්න.


විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම පිළිබඳ තමාට චෝදනා නඟා ඇති බවත්, එහෙත් ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ගුරුවරු මිස විෂය භාර ඇමැතිවරයා නොවන බවත්, එහෙත් ප්‍රශ්න සැකසීමේදී සිදුවූ වරද නැවත සිදු නොවීමට තමා පාර්ලිමේන්තුවේදී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත් සුසිල් ප්‍රේම ජයන්ත අද දිනමිණට පවසා ඇත.

Comments

  1. All these people are thieves,they have done nothing to the country nor to the education.Although they boast of bringing peace to the country they have jailed the man who was responsible for bringing peace.Weerawansa has done nothing except safeguarding mahinda's image.If this set of thieves come back to power there will be no future for the country as well as the future geberation.As responsible citizens we should realise the challange in front of us and eradicate these type of people from politics.Let the intelligent and the wise take over the country

    ReplyDelete
  2. 'මවුබිමේ මරණය'ට ද අධ්‍යාපන ඇමැතිකම දෙන්නෙ අම්මෝ

    ReplyDelete
  3. එහෙත් ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ගුරුවරු මිස විෂය භාර ඇමැතිවරයා නොවන බවත්,

    eka thama apitath kiyanna thiyenne yuda salasum hadanne wishaya bara amaththa wath maha rajawath neme kiyala

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා