'අපි වවමු - රට නගමු' නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන පොළොන්නරුවේ වී වෙළඳපොල | Paddy purchasing in Sri Lanka in jeopardy

(2010 මාර්තු 20-W3Lanka)  පසුගිය කාලයේ මහා සද්දෙට කෙරුණු දේශීය ආහාර භෝග වගාව නැංවීමේ 'අප වවමු-රට නගමු' ප්‍රචාරක ව්‍යාපෘතියේ නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ.


දේශීය කුකුළු කර්මාන්තය පවා බහුජාතික සමාගම්වල අණසකට යටත්ව තිබෙන අතර බිත්තරය අම්මා මුත්තා කාලේ නොතිබුණු රුපියල් 16ක 17ක මිළට ඉහළ ගොස් තිබේ.


පොල් ගෙඩිය රු. 40ක් පමණ වේ. හාල් මිළ ද තවමත් අහසේ ය.


දැන් අලුත් ම ප්‍රශ්නය අපි වවමු කළ වී ගොවියාගේය. රජය නාඩු වීවලට රු. 28ක හා සම්බා වීවලට රු. 30ක සහතික මිළක් ලකුණු කර තිබේ. ඒ මදිවාට ගොවීන්ගෙන් වී මිළ දී ගැනීම සඳහා අච්චර, මෙච්චර මුදල් වෙන් කර ඇතැයි දේශපාලකයෝ පම්පෝරි ගසති.


එහෙත්, පොළොන්නරුවේ වී මෝල් අධිරාජ්‍යය හිමි කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා සිරිපාල ගම්ලත් යන අය‍ගේ පවුල්වලට හිමි මෝල් ඇතුළු කොයි කවුරුත් වී මිළ දී ගන්නේ කිලෝව රු. 22ට හා ඊටත් අඩුවෙනි.


"අද වී කිලෝ එකක මිල රුපියල් 22.00 යි. ගොවියො කැමති නෑ තුට්‌ටු දෙකට වී දෙන්න. නමුත් කරන්න දෙයක්‌ නෑ. පෞද්ගලික අංශය විතරයි වී ගන්නේ. ආණ්‌ඩුවෙන් කොහේවත් වී ගන්නේ නෑ. නාඩු කිලෝ එක රුපියල් 22.00 යි. සම්බා රුපියල් 29 යි." මෙසේ කියන්නේ මින්නේරිය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති විඡේසූරිය පෙරේරායි.


පොළොන්නරුව දිසා ලේකම් නිමල් අබේසිරි පවසන පරිදි මෙවර මාස්‌ කන්නයේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ කුඹුරු හෙක්‌ටයාර් 64000 ක වී වගා කර තිබේ. අපේක්‍ෂිත අස්‌වැන්න වී මෙටි්‍රක්‌ ටොන් 2,88,500 ක්‌ හෙවත් කිලෝ ග්‍රෑම් විසිඅට කෝටියකි. එහු කියන පරිදි වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කිරීමේ ප්‍රමාදයක් තිබේ.


ඡන්දයක් ළඟ ඇත. ප්‍රමාදය පසුතැවිල්ලට මුල ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා