සරත් ෆොන්සේකාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනා නැහැ | No conspiracy charges against Sarath Fonseka

(2010 මාර්තු 12-W3Lankaවිපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ රජය පෙරළා හමුදා පාලනයක් පිහිටුවීමට මහා කුමන්ත්‍රණයක් මෙහෙයවූ බව කියමිනි. ඒ කුමන්ත්‍රණයේ එක් ජවනිකාවක් රඟ දක්වනු ලැබුවේ ජනාධිපතිවරණයදා රාත්‍රියේ සිනමන් ලේක් හෝටලයේ යයි ද කියන ලදී. කුමන්ත්‍රණය අනුව ජනාධිපතිවරයා හා ඔහුගේ පවුල ඝාතනය කිරීමට ද සැලසුම් කර තිබූ බව ජනාධිපතිවරයා පවා කීවේය.


එහෙත්, දැන් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධ හමුදා පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා හත අතර රජය පෙරළීමට හෝ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට අදාළ චෝදනා කිසිවක් නැත.


චෝදනා හතක් විභාග කිරීම සඳහා සේනාධිනායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යුද්ධාධිකරණ දෙකක් පත් කර තිබේ. මෙම යුද්ධාධිකරණ දෙකේ විනිසුරු මණ්ඩල සභාපති ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග සහ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.


මේ යුද්ධාධිකරණ දෙක හමුවේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විභාග කිරීම මේ මස 16 හා 17 දෙදින ආරම්භ කෙරේ. නාවික හමුදා මූලස්ථානයේ දී මේ යුද්ධාධිකරණය රැස්වේ.


රියර් අද්මිරාල් ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මේ යුද්ධාධිකරණ දෙකේ විනිසුරු අධිනීතිඥවරයා ලෙස කටයුතු කරයි. විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කළ සාක්කි සම්පිණ්ඩන වාර්තාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදීමෙන් පසු යුද්ධාධිකරණය සඳහා විනිසුරු මඬුල්ල පත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඊයේ (11) පැවැසීය.


විමර්ශනයේදී චෝදනා 7ක් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇත. ඒවා කොටස් දෙකක් යටතේ යුද්ධාධිකරණ දෙකක් හමුවේ වෙන වෙනම විභාග කෙරේ. එහි පළමු කොටසට විශ්‍රාමික ජෙනරාල්වරයා සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු වල නිරත වීමට අදාළව චෝදනා 3ක් යුද හමුදා පනතේ 124හා 102 (1) වන වගන්ති යටතේ විභාග කෙරේ.


එහි දෙවැනි කොටසට, විශ්‍රාමික ජෙනරාල්වරයා යුද හමුදාවේ භාණ්ඩ මිලදී ගැනීම්වලට අදාළව ප්‍රසම්පාදන කටයුතුවලදී නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීම අයත් චෝදනා 4ක් යුද හමුදා පනතේ 109 වන වගන්තිය යටතේ විභාග කෙරේ.





Comments

  1. Patangatte maha kumantranayakin.Janatawata boru kiyala den ewa oppu karanna beriwa nikan anagnna yanawa.Janatawa therumganivi kauda boru karayo kiyala.

    ReplyDelete
  2. මේ රටේ ජනතාවද? හික්.. හික්...

    ReplyDelete
  3. Therum gani kiyala thama baya. dawas 14 n Lankawe ayata oona deyak amathakai kiyala Prabhakaran kiwwalune.............

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා