ආචාර්ය මර්වින්ගේ මාර්තු පඩිය හා තවත් රස කතා | Mervin Silva's March salary and other stories

(2010 මාර්තු 10-W3Lanka)  "අද විතරයි පාර්ලිමේන්තුව රැස්‌වන්නේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගමන්මග ශක්‌තිමත් කළ යුතුයි. මන්ත්‍රීවරයකු විදිහට එක දවසක්‌ විතරක්‌ පාර්ලිමේන්තුවට ඇවිත් වාඩිවෙලා පඩි ගන්න පුළුවන්ද? මට නම් බැහැ. ඒ නිසා මම මේ මාසයේ මන්ත්‍රී වැටුප ගන්නේ නැහැ. අනෙක්‌ මන්ත්‍රීවරුන්ටත් කියනවා මේ මාසයේ වැටුප ගන්න එපා කියලා. ඒක ගන්න එක වැරදියි. එහෙම කළොත් අපත් විකෘති පෙරමුණේ තත්වයට වැටෙනවා."


මේ කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වාගේ අලුත් ම රුවන් වැකියයි.


හොඳ යෝජනාවකි. එහෙත්, මෙවැනි වටිනා යෝජනා ගෙන එන මේ අනගි ඇමතිවරයා මීළඟ පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි නොවන්නට ඉඩ තිබේ. හේතුව, කුසලානය ලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයකු හෝ තේරී පත් වුවහොත් තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවන බව මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇති බැවිනි. රැස්වීම්වලට නොඑන මර්වින් සිල්වාට මාස තුනකින් මන්ත්‍රීකම අහිමි වනු ඇත. ඔහු ඒ මාස තුනට වැටුප් ගන්නවා ද නැද්ද යන්න කියා නැත.


පාර්ලිමේන්තුව වනාහි රටට විහිළු ද සපයන ආයතනතයකි. එහෙයින්, ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා අනිවාර්යයෙන් ම එහි සිටිය යුතු බැවින් එතුමා මෙම අදහස වෙනස් කර ගනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.


එක රැස්වීමකට පමණක් සහභාගි වී මාසයක වැටුප් ගැනීම හොඳ නැතිනම්, ඇත්තෙන් ම ජනවාරි හා පෙබරවාරි මාසවල වැටුප ද නොගෙන සිටිය යුතු ය. මන්ද ඒ මාස දෙකේ ද පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ එක් වතාවක් බැගින් පමණක් හෙයිනි.


"නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ජනවාරි මාසයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි.


දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මීටත් වඩා නිදසුනක් තවත් අවශ්‍ය නැත.


මේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන රුවන් වැකියක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරණ සමයේ පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කළේ ය. "ජනාධිපතිවරණයට සෑම පක්‌ෂයක්‌ම දේශපාලන ක්‍රියාවල යෙදී සිටිනවා. විපක්‌ෂයටත් මේ කාලය අවශ්‍යයි. එහෙම කාලය ලබාදීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ."

Comments

  1. Even though this is an election show, there is a little truth in this act. But we have a proverb "Anda yawa wal patha gatta wage", They destroy the country by corrupt governance and earned several millions illegally. Now they try to show that they concerned about this couple of Ruppes

    ReplyDelete
  2. Sarathchandra a good saying.These are the type of politicians who are trying to woo the people.My question is why can't our people distinguis the good from the bad?Are we such an illeterate nation?

    ReplyDelete
  3. සුභ අනාගතයක් උදා වෙයි වගෙ ......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා