අනෝමා, සරත්ට ගුත්තිල කාව්‍යය ගිහින් දෙන්න | Guththila Kavyaya; a prescribed text for Sarath Fonseka

(2010 මාර්තු 04-W3Lanka)  පසුගිය කාලයේ ලංකාවේ ජනමාධ්‍ය කී පරිදි සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ ඔහු යුද්ධය ජය ගත්තේ සාමාන්‍ය යුද හමුදා සම්ප්‍රදායන් හා පටිපාටි පසෙක ලා යුද්ධය වෙනුවෙන් හමුදාව නම්නීකරණය කළ නිසා ය.


එහෙත් දැන් එදා සරත් ෆොන්සේකා හා ඔහුගේ යුද නායකත්වයේ සුන්දරත්වය ගැන ලියමින් කියමින් මුදල් රැස් කළ ජනමාධ්‍ය හා ජනමාධ්‍යකරුවන් දැන් ලියන්නේ ඔහුගේ කාලයේ සිදු වූ කැත වැඩ ගැනම ය.


දිවයිනේ යුද පුවත් ලියන කීර්ති වරණකුලසූරිය ශූරීන් අද පළ කර ඇති වාර්තාවක් මෙසේ ය:


ජෙනරාල් හමුදාපතිව සිටි සමයේ
හමුදා ක්‍රියාපටිපාටි උල්ලංඝනය වෙලා

කීර්ති වර්ණකුලසූරිය

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරය දරන සමයේ හමුදා ක්‍රියා පරිපාටි හා නීතිරීති උල්ලංඝනය වී ඇති බවට ලත් තොරතුරු මත ආරක්‍ෂක බලධාරීන් විමර්ශනයක්‌ අරඹා ඇත.මෙයට හේතු වී ඇත්තේ හිටපු හමුදාපතිගේ බෑණා වූ දනුන තිලකරත්නගේ පියා වූ බ්‍රිගේඩියර් තිස්‌ස විඡේරත්න වයස 62 දක්‌වා හමුදාව තුළ පූර්ණ වැටුප් සහිතව කටයුතු කිරීමයි.

මේ වරප්‍රසාද අනිකුත් හමුදා නිලධාරීන්ට ලැබී නැති අතර ඔවුන් විශ්‍රාම යැමේ කාලසීමාව සමීප වීමත් සමඟ විශ්‍රාම ගොස්‌ ඇත.
 



ෆොන්සේකාට දිනමිණ පුවත්පතවත් බලන්නට නොදෙන බව පසුගිය දිනෙක සුනිල් හඳුන්නෙත්ති පැවසීය. අනෝමා ෆොන්සේකාට හැකි නම් ‍‍‍ෆොන්සේකාට ගෙන ගොස් දිය හැකි හොඳ පොතක් තිබේ. එහි නම ගුත්තිල කාව්‍යයයි. එහි මෙවැනි කවියක් තිබේ.


දියෙහි යන දණ්‌ඩට
පිහිටක්‌ වෙතොත් පෙර සිට
දුදනන්හට පිහිට
නොවව් යන බස සැබෑ කලෙ මට


සිංහලයන් යනු කෙබඳු ජාතියක්දැයි හොඳින් ම වටහා ගෙන සිටියේ ප්‍රභාකරන් ය. ඔහු සිංහලයන් සමග කිසිදු සම්මුතියකට එළඹුණේ නැත්තේ එබැවිනි. 


ෆොන්සේකාගෙන් වැඩේ කර ගැනීම සඳහා ඔහු මුරුංගා අත්තට නැංවූ සිංහලයෝ ඔහු කළ නීති විරෝධී ක්‍රියා සියල්ල වීර ක්‍රියා ලෙස කලකදී නම් කළහ. 


ෆොන්සේකාව මුරුංගා අත්තේ නැංවූ නැංවීමේ හැටියට ජනාධිපති වීමට තමන් සුදුසු යයි ඔහු සිතීමේ කිසිදු වරදක් නැත. අනෙක ජනාධිපති වී සිටි සෙසු පුද්ගලයන්ට ද ඔහුට නැති අමුතු දෙයක් තිබුණේ නැත. 


ගුත්තිල කාව්‍යයේ ඇති තවත් කවියක් මෙසේ ය:

කොපමණ ගුණකළත්
දුදනෝ නොවෙති යහපත්
කිරිදියෙහි දෙවියත් 
අඟුරු සුදුවන කළෙක්‌ නම් නැත්


ෆොන්සේකා ඔබට සුබ හිර දිවියක්!

Comments

  1. Sinhala jatiya gena honda kiyamanak.Gutilaye kavi dekama nutana Sinhalayan gena apuruwata kiyai.Mona pampori gehuwath mewan jatiyak netiwema welakiya nohekiya.Api apema wala kapana jatiyak.

    ReplyDelete
  2. totally agree with voter. Sinhala will vanish in near future. But they can take their identity with SriLankan if not nothing will remain !

    සිංහලයන් යනු කෙබඳු ජාතියක්දැයි හොඳින් ම වටහා ගෙන සිටියේ ප්‍රභාකරන් ය. ඔහු සිංහලයන් සමග කිසිදු සම්මුතියකට එළඹුණේ නැත්තේ එබැවිනි.
    The Bitter Truth is that Mr. RW was able to trap Mr.VP with his tricks, but Deshapreami doesn't allow him to do his job because those days they haven't found any Enemy for this nation. But nowadays there is a enemy called sarath fonseka so if Mr.VP was able to survive this deshapremi doesn't care about him at all !

    ReplyDelete
  3. keep it up, short and sweet, but the truth is bitter

    ReplyDelete
  4. Our media is not doing its mandate for people,instead of serving people they serve for politicians.We can't expect more from media rather than politicians who elected from peoples vote, doing all bad things to the society.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා