ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ වගකීම හමුදාවට පවරා ආණ්ඩුව අත සෝදා ගනී | Government vest in the responsibility of Fonseka arrest to Army and washes hands

(2010 මාර්තු 16-W3Lanka)  සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව යුද්ධාධිකරණයේ පවරා ඇති නඩුව අද වභාගයට ගැනේ.


දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ.


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට හා රජය පෙරළීමට කුමන්ත්‍රණ කළ බව කියමිනි. තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනවාරි 28දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය.


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් පැන ආ අය සහ විශ්‍රාමික පුද්ගලයින් යොදා ගැනීමට ෆොන්සේකා කටයුතු කර ඇති බව ද ඒ සඳහා කොළඹ සුපිරි හෝටල් දෙකක කාමර 70 ක් ද වෙන්කර තිබී ඇතැයි ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසූ බව ජනවාරි 29 දිනමිණ පුවත්පත වාර්තා කළේය.


එහෙත් දැන් බලන විට ෆොන්සේකා කර ඇත්තේ කොයි කොයි ලොක්කාත් කරන, ලංකාවේ සුලබ වැරදි දෙකකි. මේ චෝදනාවලට මිනිසුන් හිරේ යවනවා නම්, එක එක චෝදනාවට වෙන වෙන ම දඪුවම් කළහොත්, සෑම මිළ දී ගැනීමකින් ම කොමිස් ගසන ආණ්ඩුවේ ලොක්කන් හා මහජන මුදලින් පඩි ලබමින් දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන් කල්ප ගණනක් හිරේ සිටිය යුතුය.


කන්දක් විළි ලා මී පැටියකු වදනවා යයි කියන්නේ මේ වගේ සිද්ධිවලටයි. සරත් ‍ෆොන්සේකාව ඉස්සූ හා ඔහු රඳවාගෙන සිටි ආකාරය අනුව ආණ්ඩුව ගෙන ආ යුතුව තිබුණේ මෙවැනි සිල්ලර චෝදනා නොවේ.


දැන් ආණ්ඩුව හීන් සැරේ අත හෝදා ගනිමින් සිටින්නේ සිද්ධියේ වගකීම හමුදාව පිට දමමිනි. මෙන්න ඇමති සුසිල් ප්‍රේම ජයන්ත අද දිනමිණට කියන කතාව:‍‍


සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවෙන් නොවෙයි. ඒ මහතා යම් යම් චෝදනා එල්ල වී තිබෙන බව පවසමින් අත්අඩංගුවට ගත්තේ යුද හමුදා පොලිසිය මඟිනුයි.


යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්තිවලට පටහැනිව සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටින ගමන් දේශපාලනඥයන්ගේ උවමනාවන් ඉටු කිරීමට කටයුතු කළ මහත්වරුනි, ඔන්න දැන් ඉතින් වගකීම භාර ගන්න.


පාවිච්චියෙන් පසු කොන්ඩම් ඉවත දැමීම මේ සිද්ධියෙන් අවසන් වන්නේ නැත.

Comments

  1. Karunu mesenam hamudawala saha plociye thawa keedenek atadanguwata gata utuda?Janadhipathi methiwaranaye elipitama TV wala deshapalanaya kala lokko ata.denuth deshapalanaya karana hamuda saha police lokko ata.E ayata me neetiya nette mokada?Janadhipati putata me neetuya nette mokada?

    ReplyDelete
  2. den hamudave kumantrana kala kiyala gedara yavapu ranaviruvant erehi chodanath boru neda

    ReplyDelete
  3. ඒක මාර කුමන්ත්‍රණයක්නෙ. ගාලු පාරෙදි හරි ලේඛවුස් වටරවුමෙදි හරි ඝාතනය කරලා ඊට පස්සෙ බෝගම්බර ගිහින් දාන්නත් සැලසුම් කරලා. බෝගම්බර නෙවෙයි හලෝ කනත්ත තියෙන්නෙ මහයියාවෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා