මේ ක්‍රමය සම්පූර්ණ කිරීමට රාජපක්ෂවරුන්ට ඉඩ දෙන්න | Let Rajapaksas finish off what they initiated

(2010 මාර්තු 22-W3Lankaසිදු වන ඇතැම් විනාශයන් වැළැක්වීම නොකළ හැක්කක් වූ විට අපට කළ හැකි එක් දෙයක් වන්නේ ඒවාට අදාළ විනාශය ඉක්මණින් ම සම්පූර්ණ කිරීමට උදව් කිරීමයි.


ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් මෙම මහ මැතිවරණයට අදාළව ජනතාවට ඉහත කී ස්ථාවරයට එළඹිය හැකිය. මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලන විට තුනෙන් තුනම දී සියල්ල සම්පූර්ණ කර දෙන්නට හැකි නම් හොඳ ය. 


පහත පළ වන්නේ අද දිවයින හා දිනමිණ පුවත්පත්වලින් උපුටා ගත් පුවත් දෙකකි.

දේශපාලන රැස්‌වීම් ඇමතීමට මට කාගෙන්වත් තහනමක්‌ නෑ
ගෝඨාභය රාජපක්‌ෂ

නෝමන් පලිහවඩන

තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා "දිවයින"ට ඊයේ උදේ ප්‍රකාශ කළේය.

රාජපක්‌ෂ මහතා මෙසේද පැවැසීය. මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌.

උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි.

මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්‌වීම් අමතන්න මට තහනම් නැහැ.


සියනෑ පුරයටම ආලෝකයක් වූ බැසිල් අගමැති ධුරය දක්වාම ගෙන යා යුතුයි


- ඇමැති මර්වින් සිල්වා

කැලණිය පින් බිමට පමණක් නොව සමස්ත සියනෑ පුරයටම ආලෝකයක් වන බැසිල් රාජපක්ෂ මහතා අගමැති ධූරය දක්වා ගෙන යාමට ගම්පහ ජනතාව පියවර ගත යුතු යැයි කම්කරු ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ කැලණිය රජ මහා විහාරයේ පසුගියදා පැවැති උත්සවයකදීය.
මෙදින කැලණිය රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ උපදේශකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා පැවිදි බිමට පිවිසෙන සඟරුවන සඳහා අරමුදලක් පිහිට වීය. කම්කරු ඇමැති මර්වින් සිල්වා මහතා රුපියල් ලක්ෂ විස්සක මූලික මුදලකින් මෙම අරමුදල ආරම්භ කෙළේ ය.

මෙහි දී අදහස් දැක් වූ මර්වින් සිල්වා ඇමැතිවරයා, උතුරු වසන්තය, නැෙඟනහිර නවෝදය ආදී වික්‍රමයන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ආරම්භ කළා. එතුමා සමස්ත ජනතාවට සේවය කිරීම සඳහා මේ රටේ අගමැති කළ යුතු වෙනවා.

තුනෙන් දෙකක බහුතරයක් බිහි වන මෙවන් මොහොතක පාර්ලිමේන්තු කණ්ඩායම් මෙහෙයවිය හැකි නියම නායකත්වයට බැසිල් රාජපක්ෂ මහතා පත්කළ යුතුයි. පක්ෂ පාට භේදයෙන් තොරව ගම්පහ දිස්ත්‍රික්කයට සිදු කරන දේශපාලන ව්‍යාපාරය මුළු රටටම ආදර්ශයක්.

එහි ගෞරවය හිමිවිය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාට යැයි කම්කරු ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසීය.

Comments

  1. අපායක්නම් සාමාන්‍ය අපායක් නොව අමුම අපායක් විය යුතුය

    http://status-chanaka.blogspot.com/2010/03/blog-post_21.html

    ReplyDelete
  2. Me mage upan bima bawa sebawaki.Esema mage upan bimata adaraya bawat sebewaki.Namut mewan narumayan jeewatwana rataka ipadeemata lebima gena mama kanagatuwemi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා