විදේශ ශ්‍රමිකයිනි, ඔබේ වටිනා ඡන්දය මේ ආණ්ඩුවට දී ඔබ දුක සේ උපයා එවූ මුදලින් මේ දේශපාලන හා රජයේ සේවක පරපෝෂිතයන් නඩත්තු කරනවාද? | Expatriate workers, will you maintain these parasites further with your hard earned remittances?

(2010 මාර්තු 24-W3Lankaවිදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්.සිරිසේන පවසන පරිදි විදේශ රැකියාවල යෙදෙන ලාංකිකයන් ඇමරිකන් ඩොලර් බිලියන 3.3ක හෙවත් රුපියල් කෝටි 33000ක විදේශ විනිමය 2009දී ලංකාවට එවා තිබේ. ඒ අනුව, 2009දී ලංකාවේ ප්‍රධාන වදේශ විනිමය උත්පාදන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියායි.


ආණ්ඩුවේ දේශපාලකයන් විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන්ගෙන් ආරම්භයේදී ම සැලකිය යුතු මුදලක් ගසා කති. මෙම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කරන එකම වැදගත් සේවය වන්නේ යම් පුද්ගලයකු එතෙරදී මිය ගියහොත් මාස ගණනක් පමා වී හෝ මිනිය මෙරටට ගෙන්වා දීමයි. ‍සේවයේ යෙදී සිටින හෝ ආපසු මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ඵලදායී සුබසාධන සේවයක් සපයන්නේ නැත.


මේ මිනිසුන් එතෙරදී දහ දුක් විඳ උපයාගෙන එන මුදලින් ආණ්ඩුව කරන්නේ තමන් ඇතුළු පරපෝෂිතයන් රොත්තක් නඩත්තු කිරීමයි. දේශපාලකයන් සහ රජයේ සේවකයන් නම් වන මෙම පරපෝෂිතයන්ට නිකම් සිට වැටුප් ගැනීමට හා මැරෙන තෙක් විශ්‍රාම ලැබීමට ද පහසුකම් රජය විසින් සපයා තිබේ. රටට විදේශ විනිමය ගෙන එන විදේශගත ශ්‍රමිකයන්ට මේ කිසිවක් නැත. එපමණක් නොව, මේ පරපෝෂිතයන් විදේශ ශ්‍රමිකයන් අතරින් බහුතරය වූ මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ කතා කරන්නේ පවා අවමානයෙනි.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් පාලන කාලය තුළ උපාධිධාරීන් හැටදහසකට රැකියා ලබාදුන් බවත්, ඉදිරියේදී ජන සභා ලේකම්වරුන් හා සෞන්දර්ය ගුරුවරුන් වශයෙන් තවත් 17,000 කට රැකියා ලබාදීමට නියමිත බවත් අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ පැවසීය.


එම තත්ත්වය යටතේ අද රැකියාවන්හි නිරතවන වයස්‌ පරතරයේ පසුවන සෑම 17 දෙනකුගෙන්ම එක්‌ අයෙකු රජයේ සේවකයෙකු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


එළැඹෙන මහ මැතිවරණයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ උපාධිධාරීන්ගේ සහාය රජයට ලබාදීමේ අරමුණින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ උපාධිධාරී සම්මේලනය මඟින් සංවිධානය කළ රැස්‌වීමක්‌ අමතමින් ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.


උපාධිධාරීන් ඇතුළු රජයේ සේවකයන් මේ රජයට සහාය නොදී සිටින්නේ කුමටද? රජයේ ආයතන බොහොමයක රජයේ සේවකයන්ට කරන්නට වැඩක් ඇත්තේ ම නැත. නිදසුනක් ලෙස පාසල්වල මේ වන විට නිසි කාලසටහනක් නැති උපාධිධාරී ගුරුවරුන් කීදෙනෙක් සිටිනවාද? එහෙත්, ඉංග්‍රීසි වැනි විශේෂ විෂයන් සඳහා රට තුළ උග්‍ර ගුරු හිඟයක් ඇත.


මේ වන විට දේශපාලකයන් විසින් කොයි තරම් ඵලදායී නොවන පත්වීම් දී තිබේද යත් අද වන විට පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැහි වැහැලා ය. පොත් දෙතුන් සියයක් තිබෙන පොත් කබඩ් වෙනුවෙන් පවා පුස්තකාලයාධිපතිවරුන් පමණක් නොව පුස්තකාල කාර්ය සහායකයන් ආදීන් පවා පත් කර තිබේ. මෙම පුස්තකාලවල තිබෙන පොත් පත්වල වටිනාකමට වඩා මුදලක් කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවීමට වැය වේ. එහෙත්, තවමත් බොහොමයක් පාසල් පුස්තකාල ළමයින්ට කියවීම සඳහා පොත් නිකුත් කරන්නේ නැත.


ළමයින් දෙතුන් සියයක් අධ්‍යාපනය ලබන හද්දා පිටිසර පාසල්වල පවා දැන් කාර්යාල කාර්ය සහායකයන්, කම්කරුවන් ආදීහු සිටිති. එහෙත්, පාසල්වල වැසිකිලි පවා සෝදන්නේ ශිෂ්‍යයෝ ය. අපි අධ්‍යාපන අමාත්‍යංශයේ කෙරුවාව ගැන විශේෂයෙන් සඳහන් කළේ තවත් තෙරුමතුගේ කයිවාරු හේතුවෙනි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානය මහවැලි කේන්ද්‍රයේ මාර්තු 22දා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය.


"2010 දී මේ රජය විසුරුවීමට පෙර ගුරුවරුන් 35,700 ක් අලුතින් බඳවා ගැනීමට රජය කටයුතු කැර තිබුණා. උපාධිධාරි ගුරුවරුන් 18,000 ක් බඳවා ගත්තා. අවස්ථා 3 කදී විද්‍යා පීඨ ගුරුවරුන් බඳවා ගත්තා. ඒ වරකට තුන් දහස බැගින් වන පරිදියි. වතුකරයේ පාසල්වලට දමිළ ගුරුවරුන් 3115 ක් හා මුස්ලිම් ගුරුවරුන් 600 ක්ද පත්කළා.


"ස්වේච්ඡා ගුරුවරුන් 4700 කට ගුරු සහයක පත්වීම් ලබාදී දැන් ගුරු අභ්‍යාස විද්‍යාලවල පුහුණුව ලබනවා. දැනට ගුරු සේවයේ සිටින ගුරුවරුන්ගෙන් 1/4 කට පත්වීම් ලබා දුන්නේ අපියි. අවුරුදු 8 ක් තිස්සේ ප්‍රමාද වී තිබූ සමෘද්ධි පත්වීම් ලබා දුන්නා. ඉන් කොටසක් වතුකරයේ දමිළ ගුරුවරුන් ලෙස නුවරඑළියට පත් කළා. ගුරු සිසු අනුපාතය දැන් 18:1 බවට පත්වෙලා.


"විදුහල්පති උසස්වීම් අවුරුදු ගණනක් ප්‍රමාද වී තිබුණා. එම උසස්වීම් ලබාදීමට අපි කටයුතු කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 196 ක් තිබුණා. ඒ සියල්ල පිරවීමට කටයුතු කළා."


මෙසේ දුන් පත්වීම් අතරින් විද්‍යාපීඨ ගුරුවරුන්, දෙමළ හා මුස්ලිම් ගුරුවරුන් හැර අන් වර්ගවල ගුරුවරුන්ගෙන් අධ්‍යාපනයට සිදු වන්නේ අවම සේවයකි. මේ පිළිබඳ විස්තර අපි පසුව ලියන්නෙමු. ගුරු සිසු අනුපාතය දැන් 18:1 බවට පත්වෙලායි ඇමති කයිය ගැසුව ද ප්‍රධාන පෙළේ පාසල්වල මෙය 50:1 හෝ 60:1 බව නොදන්නේ කවුරුද?


විදේශ ශ්‍රමිකයිනි, ඔබේ වටිනා ඡන්දය මේ ආණ්ඩුවට දී ඔබ දුක සේ උපයා එවූ මුදලින් කා ඔබේ ඔලුවට ම අත සෝදන මේ දේශපාලන හා රජයේ සේවක පරපෝෂිතයන් නඩත්තු කරන්න.

Comments

  1. kathava aththa.

    Eth meke chande patalavve ayi. dan kaatada denna kiyanne?

    ReplyDelete
  2. @Sujeewa : Mahinda ta denda kiyanne! So please vote and ensure that the trend contiunous without foreign intervention.

    ReplyDelete
  3. Exactly,,,,, i totaly agree with you.. All forign employees, local businesses & all private workers pay many taxes to government.. All these peoples earn money by hard working... but.. government always try to get money from REAL WORKERS & pay to NON WORKERS... is this a right way?????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා