ඒකොන්ගේ සෙක්සි චික් වීඩියෝවේ බුදු රුව ගැන කදිම පාඨක අදහසක්

උදිත  විසිනි


(මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත.


මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ.


බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...?


මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ.


රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.

Comments

  1. ඇයි බන් මෙක නෙමෙ ප්‍රශ්නෙ සිරසනෙ... මෙතන බුදු දහම හා එකොන් ගෙ ප්‍රශ්නයක් නැහැ.. මර්වින් හා සිරස ගැටුමට... ආන්ඩුව පිටිපස්සෙන් ඉදලා මර්වින්ට ශප් එක දෙනවා...මිනිස්සු කාටවත් ප්‍රශ්නයක් නැහැ...එකොන් ඇවිල්ලා මොනවා කරලා ගියත්.... ආණ්ඩුව බැරි වෙලාවත් මර්වින්ට කොක්ක ඇද්දොත් ආණුඩුවෙ වැඩ ටික එලිවෙනවානෙ..

    ReplyDelete
  2. Have you forgotten the ugly things hapenning behind and under Buddha statues in many places in our cities??? prostitution, selling drugs, etc.???

    ReplyDelete
  3. එතකොට sirasa dancing star එකෙ නටන්නෙ ඇග වහගෙනද? මෙහිදී එක් දෙයක් තවමත් පැහැදිලි නැත. එය මෙහි වැරැද්ද අඩ නිරුවනින්න් නටන එකද ? නැතහොත් අඩනිරුවනින් බුදු ප්‍රතිමාව ඉදිරිපිට නැටීමද?

    ReplyDelete
  4. මාර දූවරුන් සිතුවම් වල දක්වා ඇත්තේ, හුදෙක් ක්ලේශයන් සංකේතවත් කිරීමටයි. එසේම, බිකිනි ඇඳගත් (ඇතැම්විට බෞද්ධ දර්ශනයේ හරයන් පිළිබඳ වැටහීමක් නැතිව) පුදගලයින් විසින් කරන් මෙවැනි දේ කෙළින්ම සංසන්දන්ය කරන්න පුලුවන් කියල මම හිතන්නේ නෑ.
    කවුරුකළත් වැරැද්ද වැරැදදමයි. ඒනිසා, සිරසට ගල් ගැසීම හුදෙක් සමස්ත ලාංකීය බෞද්ධ ජනතාවට කළ අපහාසයක්. මෙහිදී කිවයුතු දෙයක් තමයි, සාමාන්‍ය බෞද්ධ ජනතාව මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවලට පෙළඹෙනවා බොහොම අඩුයි. විශේෂයෙන්, පෙළඹවීමක් නැතිව. අවසානයේදී සිදුවුන බළපතරම පාඩුව, එකෝන් නොඒම නිසා රටට අහිමිවන ආදායම, ප්‍රසිද්ධිය නෙමේ, මේ සිදුවීම නිසා බහුතර සිංහළ බෞද්ධ ජනතාවට සිදුවුන අපහාසය. හැමෝම ඒ ගැන පොඩ්ඩක් හිතන්න.

    ReplyDelete
  5. වෙජී® (පුංචි එකා)


    dear friend i think u r right.coz as a budhists v mustn't do do such like that works.and v cannot compare these things.so al of these r so much bad 4 our religion.

    ReplyDelete
  6. පුංචි එකා මම කියපු ‍Point එක පටු අර්ථයෙන් "මෙවැනි දේකෙළින්ම සංසන්දන්ය" ලෙස ගැනීම ඔහුගේ විචාර බුද්ධියේ සීමාවයි."සමස්ත ලාංකීය බෞද්ධ ජනතාව" තරම් බෞද්ධ දර්ශනයේ හරයන්ට එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වලින අපහාස කරන වෙනත් පිරිසක් මා නම්‍ දැක නැත. පුංචි එකා ඔයාගෙ මොලෙත් පුංචි නැතිතම් තේරැම් ගන්න අඩනිරුවනින් නොව නිරුවතින් බුදු ප්‍රතිමාව ඉදිරිපිට නැටුවත් බෞද්ධ දර්ශනයේ හරයන්ට හානි වෙන්නෙ නැහ. කටින් පමනක් බෞද්ධ පුහු ලාංකීය බෞද්ධ ජනතාව බිකිනි දැක්කම සසල වුනාට බුදුන් සසල නොවේ. අබෞද්ධ ඒකොන් කරන ක්ලේශ වලට ගල් ගැහීමට පෙර කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් "සමස්ත ලාංකීය බෞද්ධ ජනතාව" තමා දෙසම බැලිය යුතුය එවිට බුදුන් ඉදිරිපිට තමන් කෙතරම් නිරුවතින් දැයි දැකිය හැක.

    ReplyDelete
  7. ඒව අපි දැක්කෙ නෑ. ඒත් මේක දැක්ක

    ReplyDelete
  8. oya Akon ta ape rata paththa palathe anta den naa. 2012 ekmanatama wala pallata yannne mun thamai.

    ReplyDelete
  9. budun ideripita sabawinma maraganan natuwa. awa buddha deshanawe thiyenawa. api nodanna dewal kathakaranna honda naa. ewa paw. namuth AKON me karala thiyenne danuwathwa ho nodanuwathwa budu dahamata pahara deemak. budu kenek kiyanne me lookayata pahala wena athi uthumma pudgalayai. awani kenek wandana kirimatai buddha prathima api wandinne. sinhala bouddha apita sihinekinwath karannata bari aseelachara wadak thamai AKON me karala thiyenne.

    ReplyDelete
  10. ane moda ralekata buddhimath katha kiyala therum karanna beha kiyala Chandana Jayawardena kiyala thiyana dewalin penawa. "budun indiripita sabawinma marganan natuwa" kiyala kiyana kiayamanenma ohuge danuma penawa. Issra kale minusunta Budurjanan wahanse karunu pahadili kale udaharanawalin. Ithin Thanhawata - THANHA - Kamayata - RATHI - wage upaharan thama damme. modakama, nugathbawa thibunata loketa oya vidiyata thamange nodanuwathkame penwanna epa moda Chaminda.

    ReplyDelete
  11. මේක කියුවට තරහ ගන්න එපා... සිංදුවෙ තාලේ ලස්සනයි... ඇත්තටම මේ වීඩියෝ එක ගහලා තියෙන්නෙ ලංකාවෙද? මාරයිනේ... වීඩියෝ එකේ අර සමාජ ශාලාවේ නම දැක්කද?
    හිහ් හිහ් හී....

    ReplyDelete
  12. Mara duwarungee rupath me nadagamuth samana kereemata daru uthsahaya nishpalai neda?
    mara du warun parajaya kireeme puwathai pansalwala sithuwam waluin dakwanne. Ada apida warthmana mara du warun parajaya kalemu. aanagathaye eyada apage ekamuthukame shakthiya widaha dakwanu atha.
    Akonge pamineemata erehiwa faacebook thula menma samajaya thulada mathayk goda nagu samata apage pranamaya

    ReplyDelete
  13. kisiweku me video eke kaanthawan niruwathin natawa owunta kara athi apahasaya gena katha nokireema kanagaatuwata karunaki.

    ReplyDelete
  14. මාර දූවරු එකල නැටුවා කියලා අද කොට සායවල් ඇඳගෙන පන්සල් යන්නවත් බිකිනි ඇඳගෙන බුදුපිළිම ලඟ නටන්න ඕන වෙන්නේ නෑ. බුදුන්ට ගවුරවයක් විදියට තමයි විනීතව පන්සලේදී, බුදුපිළිම ලඟ හැසිරෙන්නේ.
    ඇත්තටම බවුද්ධයන් විදියට අපි මේ වීඩියෝ එක ප්‍රතික්ෂේප කරන්න ඕනි හැබැයි ඒක නිහතමානීව කරන්න ඕන. සිරසට ගැහුවා කියලා වැඩක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා