වීසි කරන්නට දරුවන් තනනා ලංකාවේ තවත් සිද්ධියක්

(2010 මාර්තු 22-W3Lankaමෙන්න ස්වර්ණවාහිනිය ඇතුළු ලංකාවේ ජනමාධ්‍යවලට විකුණාගෙන කෑම සඳහා තවත් සිද්ධියක්.


ලංකාවේ පිරිමි වීරයන්ට වෛර කිරීමට තවත් ගැහැනියක්. 

මේවා සමාජ ප්‍රශ්න නොව ගැහැනුන්ගේ දුර්ගුණ යයි තර්ක කරන්නන්ට බණට නිමිත්තක්. උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.


උපන් ගමන් බිළිඳා පොලිතින් උරයක බහා ගඟට විසි කරලා
අම්බලන්ගොඩ පස්‌ දරු මව අත්අඩංගුවට

අම්බලන්ගොඩ - චන්ද්‍රසිරි ජසෙන්තුලියන,ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි - ලලිත් චාමින්ද

බංගලිදේශ ජාතිකයකුට දාව බිහි කළ පිරිමි දරුවකු ඉපදී පැය තුනක්‌ යන්නට මත්තෙන් පොලිතීන් උරයක බහා ගඟට විසිකළ බව කියන පස්‌දරු මවක්‌ ඊයේ (21වැනිදා) අලුයම අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ හදිසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරක්‌ මත ගඟට විසිකොට තිබූ බිළිඳු සිරුර පෙරේදා (20 දා) සවස අම්බලන්ගොඩ පොලිසිය මගින් අම්බලන්ගොඩ තල්ගස්‌ගොඩ හල්වතුර ගඟේ පා වෙමින් තිබියදී සොයාගත් අතර පසුව බිළිඳු සිරුර බළපිටිය මූලික රෝහලට භාර දී තිබේ.

සොයාගන්නා විට බිළිඳු සිරුරේ මුඛය හා නාසය වැසෙන සේ රෙදි පටි ඔතා පොලිතීන් උරයක බහා තිබූ බව පොලිසිය කියයි.

බිළිඳා ගඟට විසිකළ බව කියන කාන්තාව තල්ගස්‌ගොඩ ධම්මිකපුර සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ නිවසක සිටියදී ඊයේ (21 දා) අලුයම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය බිළි¹ ප්‍රසූත කර ඇත්තේ එම නිවසේදී බවට තොරතුරු හෙළි වී තිබේ.

මාස හයක පමණ කාලයක්‌ ඩුබායි රාජ්‍යයේ නිවසක සේවය කර ඇති මෙම කාන්තාව එම නිවසේ රියෑදුරු ලෙස කටයුතු කළ බංගලිදේශ ජාතිකයකු සමඟ සම්බන්ධයක්‌ පැවැත්වීම නිසා එම නිවසින් මෙරටට එවා තිබූ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

අවුරුදු 41 ක්‌ පමණ වන මෙම කාන්තාව ගේ අනෙක්‌ දරුවන් පස්‌ දෙනාගෙන් වැඩිමහල් දියණියන් දෙදෙනා විවාහ වී වෙනත් ප්‍රදේශවල ජීවත්වන අතර ඇයගේ නීත්‍යානුකූල සැමියා වෙනත් විවාහයක්‌ කරගෙන වෙන්වී ගොස්‌ ඇති බවද හෙළි වී තිබේ.

"පෙරේදා (20 දා) උදේ 10.30 ට විතර බබා හම්බ වුණා. මම එයාගේ කට වැහෙන්න රෙදි පටියක්‌ ඔතලා පොලිතින් බෑගයක දමාගෙන දවල් 1.30 ට 2.00 ට විතර තල්ගස්‌ගොඩ පාළම ළඟට ඇවිත් දරුවා ගඟට වීසිකළා. දරුවා ගඟට වීසිකළේ හදාගන්න බැරි නිසා යෑයි සැකකාර කාන්තාව පොලිසියේදී පාපොච්චාරණය කර ඇත.

බිළිඳු මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (21 වැනිදා) දහවල් බලපිටිය මූලික රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ අතර සැකකාර කාන්තාව ඊයේ (21 වැනිදා) සවස බළපිටිය මහෙස්‌ත්‍රාත් එන්. ටී. අබේගුණසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණි.

අම්බලන්ගොඩ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු හා මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ඩී. ජී. එච්. ප්‍රශාන්ත මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන ස්‌ථානාධිපති හා පොලිස්‌ පරීක්‍ෂක රොහාන් බස්‌නායක, පො.සැ. 5844 පියදාස, පො. සැ. අමරානන්ද යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා