තක්කඩිවරණය හා තක්කඩි ජනතාව

(2010 මාර්තු 03-W3Lanka)  මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ වී තිබේ. අපේක්ෂකයන් සිය බලය පෙන්වීම සඳහා මුලින් ම කළ ක්‍රියාවක් වූයේ දැවැන්ත රථ පෙළපාලි සංවිධානය කිරීමයි. 


වැඩිම වාහන සංඛ්‍යාවක් පෙළපාලියට එක් කර ගැනීමට සමත් වු අය ඒ තරගයෙන් දිනූහ. 


ඊළඟට ආරම්භ වී ඇත්තේ පෝසටර්, බැනර්, කටවුට්, පාරේ ලිවීම්, ජනමාධ්‍ය දැන්වීම් ආදිය සඳහා තරගයයි. 


සෑම අපේක්ෂකයකු ම උත්සාහ කරන්නේ තමන්ට අත දිග හැර වියදම් කිරීම සඳහා මුදල් ඇති බව පෙන්වීමටයි. 


මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු වී සියලු වරප්‍රසාද සමග රු. ලක්ෂයක වැටුපක් ලබා ගන්නේ යයි සිතමු. අවුරුදු පහක් මන්ත්‍රීකම කළත් උපයා ගත හැක්කේ රු. ලක්ෂ 60ක් පමණි. 


එහෙත්, ලක්ෂ 60ක් වියදම් කර ඡන්දය දිනා ගැනීම සිහිනයකි. අපේක්ෂකයන් කරන වියදම් ඇත්තේ ලක්ෂ 100න් එහා පැත්තේ ය. 


මෙම මුදල් කෙසේ උපයා ගත් ඒවාද?  මැතිවරණය සඳහා කරන ආයෝජනය පියවාගෙන ලාභ ලැබීම සඳහා ඔවුන් සතුව ඇත්තේ කුමන සැලැස්මක්ද? එවැනි සැලැස්මක් නැතිනම් ඔවුන් මේ මී කඩන්නේ අත ලෙව කා සැනසෙන්නද?


ජනතාව දිනවන්නට යන්නේ තක්කඩින් අතරින් හොඳම තක්කඩි පිරිසයි. ජනතාවගේ මෙම ක්‍රියාව ද තක්කඩිකමකි. 

Comments

  1. මෙයට හේතුව මට නම් ඉතා පැහැදිලිය.

    http://anewasika.blogspot.com/2010/01/blog-post_22.html


    අනේවාසික

    ReplyDelete
  2. කුඩුගැමුණුගේ රථ පෙළපාලියේ රියදුරු මහත්වරු යන්නේ එක අතකින් බියර් එකක් අරන් බෝතලේ කටේ තියාගෙන බිබී. මුන් යන වේගෙට අනතුරක් උනොත් හැප්පුන එකා ඉවරයි.

    ReplyDelete
  3. "ජනතාව දිනවන්නට යන්නේ තක්කඩින් අතරින් හොඳම තක්කඩි පිරිසයි. ජනතාවගේ මෙම ක්‍රියාව ද තක්කඩිකමකි."

    මේ රටේ ඉන්නව කියන බුද්ධිමත් ජනතාවට අපහාස කරන්න එපා. හික්..හික්..හික්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා