බිබිලේ දොඩමට හානි කරන්නේ කවුරුද? | Who attacks Bibile orange?

(2010 පෙබරවාරි 27-W3Lanka)  ‘වැලන්සියා ලේම්’ නැමැති දොඩම් ප්‍රභේදය ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගෙන බිබිල ගොවිපළේ රෝපණය කිරීමෙන් අනතුරුව දොඩම් වගාව ඉතා සරුවට තිබූ බිබිල ප්‍රදේශයෙහි විවිධ රෝග පැතිරෙන්නට පටන් ගත් බව දොඩම් වගා කරුවෝ කියති.


1950 දශකයේදී ‘ට්‍රිස්ටියා’ නම් වෛරස් රෝගයක් නිසා දොඩම් වගාව විනාශවී යාමට පටන්ගෙන තිබේ. ඊට අමතරව දිලීර බැක්ටීරියා , වැනි රෝග ද එම වගාව ආක්‍රමණය කරමින් දොඩම් ඵලදාවට හානි කරන්නට විය. අතීතයේදී අක්කර 4000ක පමණ ව්‍යාප්ත වී තිබූ පැණි දොඩම් වගාව මෑත අවධිය වන විට අක්කර 600 දක්වා පහත වැටී තිබිණි.


1956 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බිබිල ඊතණවත්ත ප්‍රදේශයෙන් දොඩම් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය බිබිල ස්වීට් නමින් අද හඳුන්වනු ලැබේ. 1970 න් පසුව නැවත දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබිණි. දේශීය දොඩම් සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙන්නට පටන් ගැනීමත් සමග දොඩම් වගාව නැවත ව්‍යාප්ත වෙන්නට පටන් ගැනුණි.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා