කන්න ඕනෑ විට කබරගොයා තලගොයා වීම හෙවත් කනගරත්නම් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලීම | S. Kanagaratnam, the father of an LTTE air raid suspect, ruling party candidate now

(2010 පෙබරවාරි 27-W3Lanka)  දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් යනු 2004 මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික් ලැයිස්තුවට කොටි සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ කොටි හිතවාදිකු යයි ආණ්ඩුව විසින් ම හඳුන්වා දෙන ලද පුද්ගලයෙකි.


යුද සමයේ වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිටි මෙම මන්ත්‍රීවරයා පසුව කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලදී.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.


සතාසිවම් කනගරත්නම් දැන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස වන්නි දිස්ත්‍රික්කයට තරග කරයි.


කන්න ඕනෑ වූ විට කබර‍ගොයා තලගොයා කර ගන්නා හැටි ගැන සිංහලයන්ට කියා දිය යුතු නැත.


නොකා ඉන්න‍ට උවමනා වූ විට තලගොයා කබරගොයා වෙයි. ෆොන්සේකා හිරේ ඉන්නේ ඒ නිසා ය. 


මේව දැකල අපට නම් පණ පලයං පෙරේදා ය. 

Comments

  1. Sri Lankan politics is like a garbage pit, no party has clear cut national policies,most of the main political parties are safe havan for corrupted politicians and anti-social elements. everybody interest about acquiring wealth through politics, nobody has any idea of principals politics and nobody cares about it. Sometime people are more progressive than some politicians and trade union leaders. Where are we heading to? like a state of Zimbabway

    ReplyDelete
  2. it is joke that the government's allegation that the coaltion of GEn;Fonseka with TNA was for the betrayal of the country and by fielding mr sathasivam by UPFA to is betraying the country according to the argument.

    ReplyDelete
  3. You idiots. This is the government that defeated the LTTE. They haven't agreed to any Tamil or TNA demands. If they have these Tamil candidates, it's only to get a few votes, not because they agree with the candidates.

    Fonseka is in jail because he betrayed his military by offering to testify at an international inquiry. He should be hung.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා