ගොඩනැඟිලි හැදුවාට නොහැදෙන යාපනය පුස්තකාලය | Jaffna library that cannot be restored with buildings and equipment

(2010 පෙබරවාරි 25-W3Lanka)  කලක් ලාංකීය දෙමළ සංස්කෘතියේ කැඩපතක් වී තිබුණු යාපනය පුස්තකාලය දැන් පරිහරණය කරන පිරිස දිනකට 150 නොඉක්මවන බව ප්‍රධාන පුස්තකාලයාධිපති එස්. තනබාලසිංහම් පවසයි.


1981දී රාජ්‍ය අනුග්‍රහය ලද මැර පිරිසක් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීම ‍ලෝකයේ පිළිකුල් ම සංස්කෘතික සම්පත් විනාශ කිරීම් අතරින් එකක් ලෙස සැලකේ. එහි තිබී ගිනි බත් කරන ලද බුද්ධිමය සම්පත් අතර වටිනා පොත් ලක්ෂයක් පමණ ද ඉතා පැරණි දෙමළ පුස් කොළ පොත් ද තිබිණි.


2003දී  රජය විසින් යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර විවෘත කරන ලදමුත්, යාපනය ජනතාව එය 1934 සිට එහි පැවති තම නූතන සංස්කෘතියේ තිරසාර අංගයක් වූ පුස්තකාලය ලෙස පිළි ගැනීමට මැළිකමක් දක්වන බව යාපනයේ විද්වත්හු පවසති. 


"යාපනය පුස්තකාලය ගිනි තියලා විනාශ කරලා ඉවරයි. ඒක ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. එයින් ඇති කරන ලද සංස්කෘතික තුවාලය ගැඹුරු එකක්. ඔබට ගොඩනැඟිලි හදන්න, එය පුටු, මේස, රාක්කවලින් පුරවන්න පුළුවන්. ඒත් ඒ යාපනය පුස්තකාලය නොවෙයි. යාපනය පුස්තකාලය නැවත ගොඩනැඟීම ඉදිකිරීම් සම්බන්ධ කාර්යයක් නොවෙයි. එය සංස්කෘතික කාර්යයක්," යි නම සඳහන් කිරීමට අකැමැති එක් විද්වතෙක් අප සමග පැවසීය. 

Comments

  1. What was a library compared to the deaths of thousands of innocent Sinhalese by Tamil terrorists. It was just a bunch of books and shit which are not worth one single human life.

    If the Tamils are no longer academically inclined, that's their fault, not ours.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා