ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පමා කරයි | IMF delays the loan for Sri Lanka

(2010 පෙබරවාරි 26-W3Lankaජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6 ණය මුදලේ තුන්වන කොටස ලබා දීම ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ. 


එම ණය සඳහා කොන්දේසියක් වූ අයවැය පරිතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක මට්ටමකට 2009දී ගෙන ඒම සාක්ෂාත් කර ගැනීමට ලංකාව අසමත් වී තිබේ. 2009 වසරේදී රජය අයවැයක් ඉදිරිපත් කළේ නැත. එම වසර සඳහා මහ බැංකු වාර්තාව ද තවම නිකුත් වී නැත. කෙසේ වෙතත්, අයවැය පරතරය දළ දේශීය නිස්පාදිතයෙන් 9%ක මට්ටමක ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 


මෙතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ලබා දී තිබෙන ණය කොටස් දෙකෙහි වටිනාකම ඩොලර් මිලියන 650ක් පමණ වේ. 


ඩොලර් මිලියන 300ක් වන තෙවන කොටස මාර්තුවේදී ලැබීමට නියමිත විය. එහෙත් ඊට පෙර අරමුදල විසින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කරයි.


මෙම ණය කොන්දේසි අනුව ලංකාව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මට්ටමට ගෙනැවිත් ලබන වසරේදී එය 5%ක මට්ටමේ තබා ගත යුතුය. 


ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන පහකි. 2009 මැයි වන විට එය ඩොලර් බිලියනයක මට්ටමට පහත වැටී තිබිණි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා