ඉදිරි මහ මැතිවරණයේදී රටේ සියලූම පීඩිත ජනතාව ඒකරාශී කිරීමේ දළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් | A draft manifesto to unite all Sri Lankan downtrodden masses at the general election

සරත් ප්‍රනාන්දු විසිනි (සංවාදයට විවෘතයි)


නිදහස ලැබී වසර 62 ක් ගත වී ඇත. ඒ කාලය තුළ මැතිවරණ ගණනාවක් පැවැත් වු අතර රටේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ අපේක්‍ෂාවෙන් වරින් වර පක්‍ෂ මාරු කරමින් නියෝජිතයින් පත් කර පාර්ලිමේන්තුවට යවන ලදී. එහෙත් රටේ ප‍්‍රශ්න අවම කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා උග‍්‍ර වීමයි. මේ මොහොතේ අප සිටිනුයේ තවත් මහ මැතිවරණයකට සූදානම් වෙමිනි. නැවත වතාවක් සියල්ල පැත්තකට තබා තම තමන් කැමති පක්‍ෂය හා පුද්ගලයා දිනවීම සඳහා කටයුතු කිරීමට මහජනයා අතරින් බොහෝදෙනෙක් වෙහෙස වනු ඇත. මෙකී තමන්ගේ න්‍යාය පත‍්‍රයන් වෙනුවට පොදු න්‍යාය පත‍්‍රයකට අවධානය දීම අත්‍යවශ්‍ය වන්නේ ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බැවිනි. මෙහි ඇත්තේ සියලූ පිඩිත ජන කොටස්වල එකාබද්ධ ප‍්‍රකාශනයක් සදහා දළ කෙටුම්පතකි.


1. සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායික ප‍්‍රමාණවත් ආහාර වේලක් සහ ජලය ලැබිමේ අයිතිය සහතික විය යුතුයි


කම්කරුවන්ට යහපත් ජීවන මට්ටමක් ළඟා කර ගැනීමට හැකි හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි යහපත් වැටුප් මට්ටම්, සේවා තත්වයන් හා රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන කම්කරු නීති අනුමත කිරීම හා ක‍්‍රියාවේ යෙදවීම. වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයන් තුළින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන්ට ඇති අයිතිය තහවුරු කිරීම.


2. ආහාර ස්වෛරීභාවය මත පදනම් වූ පරිසර හිතකාමී තිරසාර කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙදවීම හා එහි මූලිකයින් වන කුඩා ගොවීන්ට තමන්ගේ භූමියේ, ජලයේ, බීජවල හා වෙළෙඳපොළ අයිතිය තහවුරු කිරීම. මෙවැනි ප‍්‍රවේශයක් තුළ මූලිකත්වය සෞඛ්‍ය හිතකර, ස්වාභාවික ආහාර දේශීයව නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා ලබා දිය යුතුය.


4. කුඩා පරිමාණ ධීවරයින්ගේ ජීවනෝපායන්ගේ පදනම වන මුහුද, වෙරළ හා අභ්‍යන්තර ජලාශවලට ඇති හිමිකමත්, තම නිෂ්පාදනයන්ට ඇති වෙළෙඳපොළ ප‍්‍රවේශයක් තහවුරු කෙරෙන තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා වන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීම. 


5. වතු කම්කරු ජනතාවට ගෞරවාන්විත ජීවන මට්ටමක් ළඟා කර ගත හැකි සාධාරණ වැටුපක් මෙන්ම නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි  පහසුකම් ලබා දීම. කඳුකර ප‍්‍රදේශවල තිරසාර, සංරක්ෂිත කෘෂිකර්මයක් ව්‍යාප්ත කිරීම සඳහා තමන් ජිවත් වන භූමියේ අයිතිය එම ජනතාවට ලබා දීම.


6. සමාජය තුල ස්ත‍්‍රීන්ට  සමාජයීය දේශපාලන හා ආර්ථීක ජිවිතයේ සමනතාවය තහවුරු විය යුතුය. ඒ සඳහා දැනට සමාජය, දේශපාලනය, ආර්ථිකය හා පවුල් ජිවිතය තුළ පවතින අඩු සැලකිලි හා වෙනස් කම් ඉවත් විය යුතු. ස්ත‍්‍රීන් හුදු ලාභ  සදහා,  යටහත් ශ‍්‍රමිකයින් ලෙස සැලකීම (විශේෂයෙන් , විදෙස් රැකියා, ඇඟලූම්, විවිධ සේවා , වතුකරය හා කෘෂිකර්මය තුල වෙනුවට රටේ තිරසාර සංවර්ධනයක් සඳහා නිර්මාණාත්මකව දායක වීමට ස්ත‍්‍රීන් සතුව ඇති චිරස්ථ සංවර්ධනය සැලසුම්කරනය උපයෝගි කර ගන්නා සැලසුම් ක‍්‍රියාවේ යෙදවිමේ ඇති හැකියාවට ඉඩ සැලසිය යුතුය.


7. විරැකියාව හා නාගරික සංක‍්‍රමණයට ගොදුරු වී සිටින අති විශාල තරුණ පිරිසකට ගෞරවණිය වෘත්තියක් සහ තෘප්තිමත් ජීවිතයක් උදා කිරීමේ අති විශාල හැකියාවක් සොබාදහමේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය නැවත ගොඩ නංවන සංවර්ධන ප‍්‍රවේශය් සතුව පවතී. ඒ සඳහා අවශ්‍ය දැනුම හා හැකියාවන් ගොඩ නැගෙන පරිදි ක‍්‍රියාකල යුතුය. ඒ සඳහා අධ්‍යාපන ත‍්‍රමය සංශෝධනයට ලක් විය යුතුය. දේශපාලන බල පෑම් වලින් තොරවු , සුදුසුකම් මත, ගෞරවණීය ලෙස රැකියා අවස්ථා ලබා ගැනීමට ක‍්‍රම තිබිය යුතුය. 


8. දෙමළ, මුස්ලිම් ඇතුළු අනිකුත් ජන කොටස්වලට ද තමන්ගේ සංස්කෘතිය, භාෂාව භාවිතා කිරීමේ නිදහස හා නිසි දේශපාලනයට සක‍්‍රීයව සහභාගීවීම ලබා දිය යුතුය. රටේ අනික් ප‍්‍රදේශවල ජනතාවට මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවටත් තම භූමි ප‍්‍රදේශවල අයිතිය හා එම භූමිය හා ස්වාභාවික සම්පත් ප‍්‍රතිඋත්පාදනය කරා යොමු කිරීමේ මඟ පෙන්වීම හා සහාය ලබා දිය යුතුය. 


9. දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සෑම දෙනාටම යහපත් සෞඛ්‍ය සේවාවක් භුක්ති විඳීමට ඉඩ ලැබෙන පරිදි සෞඛ්‍ය ප‍්‍රතිපත්ති හා සේවාවන් වැඩි දියුණු විය යුතුය. ප‍්‍රජා සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම හා ආහාර හා පෝෂණය, රෝග වළක්වාගත හැකි පාරිසරික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති හා නිරෝගීභාවය පිළිබඳ දේශීය / ස්වාභාවික ක‍්‍රමවේදයන් ද උපයෝගි කොට ගන්නා ඒකාබද්ධ සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙද විය යුතුය..


10. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතාවට තමන් ජිවත්වන ආකාරය සැලසුම් කිරීමට ඇති අයිතියයි. මේ අයිතිය තහවුරු කිරිම සඳහා වන සුදුසු ක‍්‍රියාවලීන් ග‍්‍රාමීය, ප‍්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටම්වල දී ක‍්‍රියාවේ යෙදවිය යුතුය. මේවා ක‍්‍රියාවේ යෙදවීම තහවුර කිරීමට හා එ්වා අධීක්ෂණය සඳහා ජනතාවට ඉඩ ලැබෙන යාන්ත‍්‍රණයන් සකස් විය යුතුය.


11. ගොඩබිම හා මුහුදු මාර්ග භාවිත කරමින් ක‍්‍රමවත් හා කාර්යක්‍ෂම මගී හා භාණ්ඩ ප‍්‍රවාහන ක‍්‍රමයක් ඇති කළ යුතුය. ඒ සමග නිෂ්පාදනයන් රට තුළ බෙදාහැරීමේ ක‍්‍රමයක් සකස් කළ යුතු සේම ඒ ස`දහා භාවිතා කළ හැකි නිෂ්පාදකයින් හා පාරිභොගීකයින් හැකි තරම් සෘජු ලෙස සම්බන්ධකරන  සමූපකාර ක‍්‍රමය් හා රාජ්‍ය මැදිහත් වීම් වඩාත් දියුණු කළ යුතුය.


12. මහජනයා සඳහා මහජන මුදලින් නඩත්තු වන දේශපාලන හා රාජ්‍ය සේවය දූෂණ වංචා වලින් තොර කාර්යක්‍ෂම එකක් බවට පත් කළ යුතුය.


13. අදහස් ප‍්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතුය. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වල බලවතුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ අදහස් වෙනුවට සාමාන්‍ය ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කළ හැකි මාධ්‍ය සදාචාරයක් හා භාවිතයක් ගොඩනැගිය යුතුය. වෙළඳ ප‍්‍රචාරය මඟින් කරන අසීමිත අහිතකර බලපෑම් පාලනය කල යුතුය.


පහත සඳහන් ක්ෂේත‍්‍ර පිළිබඳ යෝජනා ද ඇතුලත් විය යුතුය


x මාධ්‍ය හා අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස
x සොබාදහම හා පරිසරය
x කලාව හා සංස්කෘතිය

Comments

  1. නිකන් හීන දකින්නෙ නැතිව ඉන්න. ඔය හීන හීනම විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා