ජී.එස්.පී. ප්ලස් අහෝසියි; ඇගලුම් කර්මාන්තයෙන් යැපෙන ජීවිත අනතුරේ

(2010 පෙබරවාරි 06-W3Lanka)  ලංකාවෙන් යුරෝපයට කරන අපනයනවලට සපයා තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.


එය යළි ලබා ගැනීමට අවශ්‍ය තත්වයන් ලංකාව විසින් සම්පූර්ණ කර නැති බව යුරෝපා සංගමයේ තීරණය වී ඇත.


දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය විසින් මෙම සහනය ලබා දී තිබුණේ එම රටවල සමාජ හා මානව හිමිකම් තත්වයන් සැලකිල්ලට ගෙනයි.


මෙම වෙළඳ සහන නිසා ලංකාව වසරකට ඩොලර් මිලියන 150ක පමණ ආදායමක් ලබන බව තක්සේරු කර තිබේ.


ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි.


ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයෝ පවසති.


බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති.


මේ අතර ලංකාවේ නිෂ්පාලනය කරන භාණ්ඩ මිළ දී නො ගන්නැයි එක්සත් ජනපදයේ පාරිභෝගිකයන්ට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් අද එක්සත් ජනපදයේ පුරවර 16ක ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් අලෙවි කරන සාප්පු ඉදිරිපිට පැවැත්වේ.

Comments

  1. Not true. The true cost is only about 70 million Euros, which is nothing compared to our GDP which is 40.7 billion USD.

    The EU wanted us not to win the war in order to be eligible for GSP+. We should not have killed Prabhakaran if we wanted GSP+. The people in Sri Lanka have given their answer on the 26th. Now bugger off.

    ReplyDelete
  2. Euro 70 million is about USD 130 million. You put Euro Vs USD. During election MR said USD 150 million is nothing. Yes, for him and his ministers. Nobody would think of poor garment workers or how their families be affeted by this decision. Bardo, your reasons/points may be right. But quality input is needed.Your views sometimes are very extreamist, lacks rational.

    ReplyDelete
  3. GSP+ nisa lankavete avruddete doller millian 130 adayamak lebenewa kiyanne sampurne labede neththam GSP+ velin vitherak lebene adayemedede?????????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා