ඉන්දියානු ආදරයේ රහස ගල් අඟුරු කැටයකින් සාම්පූර්හි ලියැවෙන හැටි

(2010 පෙබරවාරි 08-W3Lanka)  මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට නැවත තේරී පත් වීමත් සමග සාම්පූර්හි පාරම්පරික ගම්වැසියන් අනාථ කඳවුරුගත කර එහි ඉදි කරන්නට යන ගල් අගුරු බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මේ මාසයේ අවසානය වන විට ආරම්භ කිරීමට ලැබේ යයි ඉන්දියානු බලධාරීන් බලාපොරොත්තු වන බව බිස්නස් ස්ටැන්ඩඩ් වෙබ් අඩවිය පවසයි. 


ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම හා ලංකා විදුලි බල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් වන මෙහි ව්‍යාපාර ගිවිසුම, විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිළ දී ගැනීමට එකග වීමේ ගිවිසුම, ආයෝජන මණ්ඩලය විසින් බදු සහන ලබා දෙන ගිවිසුම ආදියට නිතිපති අනුමැතිය ජනාධිපති යළි බලයට පත් වීමත් සමග ඉක්මණින් ලබා ගැනීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව වේබ් අඩවියේ සඳහන් වෙයි. ලංකාවේ වැඩපිළිවෙලවල් ගැන ඉන්දියාව හොඳින් දන්නා බව පෙනේ. ජනාධීපති මහින්ද රාජපක්ෂ යළි බලයට පත් වීමෙන් ඉන්දියාව මහත් සහනයට පත් වූ බව පසුගිය දිනවල ඉන්දියානු මාධ්‍ය වාර්තාවල කියැවිණි. 


මෙගාවොට් 500ක් වන මෙම බලාගාරය සඳහා අවබෝධතා ගිවිසුමට 2006දී අත්සන් තබන ලදී. මෙම බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ඉන්දුනීසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීමට ඉන්දියානු සමාගම බලාපොරොත්තු වෙයි.


ලංකාවේ පළමු ගල් අඟුරු බලාගාරය දැන් පුත්තලමේ නොරොච්චෝලෛහි ඉදි වෙමින් තිබේ. එම ස්ථානය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳ ගැටළු තවම විසඳී නැත. ගල් අඟුරු බලාගාරවලින් දැවැන්ත පාරිසරික හානියක් වන බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් ආණ්ඩුව කියන්නේ ගල් අඟුරු භාවිතා කිරීමෙන් විදුලි ඒකකයක් සඳහා පිරිවැය අවම කළ හැකි බවයි. 


විදුලි ඒකකයක මිළ අඩු වුණත්, වැඩි වුණත් ඒවා මිළ දී ගැනීමට විදුලි බල මණ්ඩලය අදාළ සමාගම් සමග ගිවිසුම්වලට එළඹෙන්නේ ඉදි කිරීම් ආරම්භ කිරීමටත් කලින් ය.  


කොහොමත්, ඉදිකිරීම් හොඳ දෙයකි, ඒවා පසුබිමේ ඇති විශාල කොමිස් ගනුදෙනුවලට සම්බන්ධ වන අයට. 


සාම්පූර් නම් ගමේ ජීවත් වූ කෘෂිකර්මාන්තයෙන් යැපුණ ගම්වැසියන් 2006 සිට මේ දක්වා ඉන්නේ ත්‍රිකුණාමලයේ අනාථ කඳවුරුවලයි. ඔවුන්ගේ ගම්බිම් දැන් ඔවුනට පය තැබීම තහනම් අධි ආරක්ෂක කලාප වේ. හෙට අනිද්දා ඒවා ඉන්දියාවට ලියා දෙනු ඇත.


(පෙරඹර වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලද ඉහත ඡායාරූපයේ ඇත්තේ සාම්පූර් ජනතාවගේ අනාථ ජීවිතයේ වත්මන් නිරූපණයකි.)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා