කළ ගුණ සලකන දිනෙන් පසු උදා වූ කළ හොඳ පස්සෙන් එලවන සමය

(2010 පෙබරවාරි 02-W3Lankaජවිපෙ විසින් පවත්වාගෙන යනු ලබන ලංකා පුවත්පතට සීල් තබා පසුව ගලවන ලදී.


ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත තවමත් අත්අඩංගුවේ ය.


ජවිපෙ පාලනය සහිත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට හා එහි දේපලවලට සීල් තබා සභාපති ඉවත් කරන්නැයි පළාත් පාලන ඇමති නියෝග කර තිබේ.


ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ඡන්දයට පෙර ආණ්ඩුවේ මැර පිරිසක ප්‍රහාරයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු මහතා අද සවස මිය ගියේය.


සරත් ෆොන්සේකාට වැඩ කළේ ජවිපෙ පමණක් නොවේ. එහෙත් ජවිපෙ දැඩි මර්දනයකට ලක් කර තිබේ. ඒ ඇයි? ආණ්ඩුව හා විශේෂයෙන් හිටපු ජවිපෙ නායක විමල් අම්මාන් කියන පරිදි ජවිපෙන් දැන් කිසිදු වැඩක් නැති නිසා ද?


මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩුව අඬා වැටුණේ කළ ගුණ සලකන්නැයි කියමිනි. මේ එකී කළ ගුණ අයදින ආණ්ඩුව 2005දී මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමට දර දිය ඇද්ද ජවිපෙට සිව් වසරකට පසු කළ ගුණ සලකන හැටි ය.


කළ ගුණ සැලකීම දැන් ඉවර ය. කොහොමත් ආණ්ඩුව කී පරිදි කළ ගුණ සලකන දිනය ජනවාරි 26දා පමණි. දැන් එළැඹ ඇත්තේ කළ ගුණ පස්සෙන් එලවන සමයයි.


අද කළ හොඳ පස්සෙන් එලවන්නේ පෙරේදා සේවය කළ ජවිපෙට ය. හෙට කළ හොඳ පස්සෙන් එලවනු ඇත්තේ අද කළ ගුණ සැලකූ ඔබගේ ය.


ඔබ මහින්දට ඡන්දය දුන්නේ මෙසේ විරුද්ධ පක්ෂ මර්දනය කරන්න ද?


හෙට ඔබ පසුපස වධකයන් එන විට ඔබ වෙනුවෙන් කතා කරන්නේ කවුරු ද?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා