රණවිරුවන් දඩස් ගා කරෙන් බිමට

(2010 පෙබරවාරි 03-W3Lanka)  වන්නියේ මහ සටන්වලින් බුරුතු පිටින් කොටි සටන්කරුවන් මියගිය බිම්වල දැන් රැකවලෙහි යෙදී සිටින සොල්දාදුවන්ට (ඉස්සර රණවිරුවන්ට) පොළව යටින් කෝචොක් හිනාවල් ඇසෙන බවට කතාවක් ඇත.


දිවයිනේ පළ වූ පහත ප්‍රවෘත්තිය කියවන්න.

මෙහෙයුම් ක්‍රියාදාමයෙන්
ඉහළ යුද හමුදා නිලධාරීන් 52ක්‌ ඉවතට


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් ක්‍රියාදාමයට අයත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 52 ක්‌ ඔවුන් දැරූ ප්‍රධානතම ධුරවලින් ඉවත් කර වෙනත් ධුරවලට පත්කර ඇත. මින් 23 ක්‌ මේජර් ජනරාල්වරුය. 27 ක්‌ බ්‍රිගේඩියර්වරුන්ය. දෙදෙනෙක්‌ කර්නල්වරු වෙති. මෙම නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් රජයේ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන්ට වාර්තා කර ඇත. ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු රැසක්‌ ලැබී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා