හංස සන්ධානයක් යළි බිහි වන ලකුණු

(2010 පෙබරවාරි 11-W3Lankaපසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහාය දුන් දේශපාලන පක්ෂවලට යළි සමගි වී මහ මැතිවරණය තරග කරන්නැයි පාක්ෂිකයන්ගෙන් බලපෑම් සිදු වෙමින් ඇති බව දැනගන්නට තිබේ. 


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු නැඟී එමින් ඇති මහජන විරෝධය ආණ්ඩුවට අවාසිදායක වීම නිසා ආණ්ඩුව වෙනස් කිරීමේ මහජන රැල්ලක් නිර්මානය කිරීමේ අවස්ථාවක් විපක්ෂයට යළි උදා වී තිබේ.


ආණ්ඩුව සරත් ෆොන්සේකාට සලකන ආකාරය හේතුවෙන් ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රවර්ධනය කරන කළ ගුණ සැලකීම හා වෛරී දේශපාලනය පිටුදැකීම වැනි භාවාතිශය කාරණා අභියෝගයට ලක් වී තිබේ. 


මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කිරීමට තීරණයකට එළැඹ තිබුණු අතර ජවිපෙ ද වෙනත් ලකුණකින් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරමින් සිටියේ ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා