ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ අපි

(2010 පෙබරවාරි 03-W3Lankaඕනෑම ජනමත සමීක්ෂණයක් කරන්නේ කිසියම් නියැදියක් යොදාගෙනයි.


ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබද අප විසින් පවත්වන ලද ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ප්‍රතිචාර 340ක නියැදියකින් 63%ක් පවසන්නේ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බවයි.


අප මෙම ජනමත සමික්ෂණයේ ප්‍රතිඵල මෙහි පළ කළේ කිසියම් නිරීක්ෂණයක් ලෙස පමණි. ඇතැමුන් එයින් කුපිත වී ඇති බව අපට ලැබෙන අදහස් දැක්වීම් හා විද්‍යුත් ලියුම් වැනි ප්‍රතිචාරවලින් පෙනේ. ජයග්‍රාහකයන්ගේ මෙවැනි ප්‍රතිචාර විසින් ඇත්තෙන් ම ඇති කරනු ලබන්නේ හොඳ ප්‍රතිඵල නොවේ. මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි යම් කුකුසක් ජනතාව තුළ ඇති බව අන්තර්ජාලයේ පමණක් නොව සාමාන්‍ය මිනිසුන් ජීවත් වන සමාජයේ හැසිරෙන ඕනෑම කෙනෙක් දනිති.


මෙය බරපතල තත්වයකි. මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සමාජයක විශ්වාසය නැති වී යාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අපේක්ෂා ඇති සමාජයක නම් ඔල්වරසන් දීමට නොව හඬා වැටීමට හේතුවකි. 'රජ කාලෙ' දක්වා ආපසු යාමට කැමැත්තෙන් සිටින්නන්ට නම් එය ප්‍රශ්නයක් නො වන්නට පුළුවන. එහෙත්, රජුන් ඇසුර කෙතරම් අනතුරුදායකදැයි යළි වටහා ගන්නා විට සමාජය හිස්ගැසුම් කා හමාර වන්නට පුළුවන. වැඩියෙන් අනතුරට ලක් වන්නේ වන්දිභට්ටයන්ගේ හා හෙංචයියන්ගේ හිස් ගෙඩි බව පැරණි සාහිත්‍යය හා ජනකතා දන්නා අය දනිති. පරිගණක ඉදිරියේ වාඩි වී සිටින නූතන වැද්දන් ඒවා දන්නේ ද නැත. 


අප මෙම මැතිවරණය දූෂිත බව කියන්නේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සමාජයේ පැතිර පවත්නා අවිශ්වාසය හෝ ජනමත සමීක්ෂණ මත පදනම්ව නොවේ. ලෝකයක් ඇස් පනා පිට දුටු දේ තිබේ. රාජ්‍ය බලය පාවිච්චි කරමින් පොදු දේපල සියල්ල එක් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරමින් සෙසු අපේක්ෂකයන්ට සාධාරණ අවස්ථා අහිමි කරමින් පමණක් නොව මහජන දේපල යොදාගෙන තරගකාරී අපේක්ෂකයන්ගේ චරිත ද ඝාතනය කරමින් පවත්වන මැතිවරණයක් දූෂිත එකක් නො වන්නේ කෙසේද?


ජනවාරි 26දා උදේ වන විට ම සරත් ෆොන්‍සේකාගේ හිතවත්තු ජයෙන් උදම්ව සිටියහ. එහෙත් අප 26දා උදේ කීවේ ද කවුරු දිනුවත් හෙට වෙනුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නැයි කියා ය. අප පරාජිත මානසිකත්වයකට පත් වී ඇතැයි සමහරු සිතූහ. අපි සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ නො ගියෙමු. මහින්ද රාජපක්ෂව සේ ම සරත් ෆොන්සේකාව ද අපි විවේචනය කළෙමු. අප සහාය දැක්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාවලට මිස සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට නොවේ. 


2009 නොවැම්බරයේදී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නට සුදානම් වෙමින් සිටියදී රජුන්, ජනරාල්වරුන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තනමු මැයෙන් වූ ලිපියක අපි මෙසේ කීවෙමු.


ජනරාල්වරු අවශ්‍ය යුද්ධයටයි. රජුන් අවශ්‍ය වැඩවසම් පසුගාමිත්වයටයි. දැන් රජ්ජුරුවෝ ඉස්සර මහින්ද අයියා හෝ රාජපක්ෂ මහත්තයා විය. ඔහු පටන් ගත්තේ එලෙසයි. සරත් ෆොන්සේකාට ද සරත් අයියා හෝ ෆොන්සේකා මහත්තයා ලෙස ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගැනීමට ජනමාධ්‍ය ඉඩ දිය යුතු ය.


දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නේ දියුණු, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් ය. මහජන ඡන්දය රාජ්‍ය බලය නම් කිරිච්චිය මූණට හේත්තු කර මංකොල්ලා කන වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් නො කළොත් ලංකාවට ලෝක ප්‍රජාව අතර හිමි වනු ඇත්තේ බුරුමයට, ඉරානයට, ලිබියාවට, සිම්බාබ්වේට හිමි නීච තත්වයයි. ඔබ දියුණු මිනිසෙක් නම් මෙම තත්වය කෙරෙහි සංවේදී වන්න. 

Comments

  1. If you don't accept democracy, and want to riot in the streets, prepare for a Kilinochchi style military response. We, the Sri Lankan people, sanction maximum brute force against illegal anti-democratic rioting by Fonseka's puppets. The rioters are backed by NGOs, Western embassies and the Tamil racists, and our military will send a clear message to them this time, delivered in the decapitated corpses of the rioters. Bring caskets!

    ReplyDelete
  2. Bardo Flanks, your comments expose your violent mindset. Thanks.

    ReplyDelete
  3. I'm not violent, merely vigilant against threats to our democratic mandate.

    ReplyDelete
  4. Brado මචං තරහ වෙන්න එපාග ඔයා ඉතාමත් මුග්ධ පීඩාකාරී ගති ලක්ෂණ පෙන්නනවා. කරැණාකර නිරවුල්ව, මැදිහත්ව හිතන්න... දකින්න..

    ReplyDelete
  5. ඔයාලගේ ඔය මත විමසුමට මම විතරක් ඡන්ද පහක් විතර දැම්මා. ඕක සාධාරණ එකක් කියලා මට නම් කීයටවත් පිළිගන්න බැහැ. අනික, මිලියන 10 කට අධික වලංගු ඡන්ද සංඛ්‍යාවකින් 340 ක් කියන්නේ 0.003% විතර ඉතාම අඩු ප්‍රමාණයක්. අන්තර්ජාලය පරිහරණය කරන ශ්‍රී ලාංකිකයන් අතුරින් මුළු ලංකාවම නියෝජනය කෙරෙන සධාරණ නියැදියක් ලබාගන්න පුලුවන් කියලා හිතන එකත් මහා විහිලුවක්. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය දිහා බැලුවහම ඔය මත විමසුමට ඡන්දෙ දුන්නෙ කවුද කියලා හොඳින්ම පැහැදිලි වෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා