නැවත ගැටුම් ඇති වෙන්නට පෙර ඉක්මනට බලාගනිල්ලා! සංචාරක කර්මාන්තය නැගිටියි

(2010 පෙබරවාරි 16-W3Lanka)  ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ දත්ත අනුව සංචාරක කර්මාන්තයේ හොඳ ම මාසයක් වන ජනවාරියේදී ලංකාවට පැමිණී සංචාරකයන් ගණන 50,750ක් වූ අතර එය 2009 වසරට සාපේක්ෂව 32% ක වර්ධනයකි. 


මෙම සංචාරක වෙළඳපොළ ප්‍රධාන වශයෙන් සැදුම් ලැබුවේ බ්‍රිතාන්‍ය සංචාරකයන් 24.6%කින් ජර්මානු සංචාරකයන් 53%කින් හා ඉන්දියානු සංචාරකයන් 73.5%කිනි. 


දිවයින පුරා සෑම වර්ගයක ම හෝටල්වල කාමර වෙන් වීම 55% ඉක්මවා තිබිණි. පෙබරවාරි මාසයේදී තත්වය තවත් යහපත් අතට හැරෙනු ඇතැයි සංගමය බලාපොරොත්තු වෙයි. 


යුද්ධය අවසන් වීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉවහල් වී තිබේ. එහෙත් තිරසාර සාමයක් සදහා අවශ්‍ය දේශපාලන විසඳුමක් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පමා වීම කර්මාන්තයේ නැඟීම සීමා කිරීමට හේතු වනු ඇත. 


මේ දිනවල දේශීය සංචාරකයන් දිගු කලක් පිපාසයෙන් සිටියවුන් සේ යාපනයට දුවන අතර දීර්ඝ කාලීන යුද්ධයේ ආදීනවවලින් යන්තමින් අත්මිදෙමින් සිටින අර්ධද්වීපයට දරා ගත නො හැකි තරම් සංචාරකයන් පිරිසක් සති අන්තවලදී ඇදී එති. බොහෝ දුරට දකුණෙන් පැමිණෙන සිංහලයන් වන මෙම සංචාරකයන්ගේ ස්ථාන නැරඹීමේ තදියම විසින් ම තත්වයේ අවිනිශ්චිතභාවය පිළිබඳ අදහසක් ප්‍රකාශ වේ. 


"නැවත ගැටුම් ඇති වෙන්නට පෙර ඉක්මනට බලාගනිල්ලා" වැනි හැඟීමක් දේශීය සංචාරකයන් අතර ඇත. 

Comments

  1. සුද්දන්ට ඉක්මනට එන්න කියාපිය,ඇවිත් ඉඩී අමීන් ගේ නැවත ඉපදිමත්,අරුම පුදුම විදේශ කටයුතු පිළිබඳ ඇමතියත් බලලා යන්න වරෙල්ලා.

    ReplyDelete
  2. ඒ එක්කම ක්‍රිශ්නා කියන හම්පඩෙත් බලන් පලයල්ලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා