හමුදා දේශපාලනීකරණය: නීතිය යනු සතුරන්ගෙන් පළි ගැනීමට අවශ්‍ය විටෙක පාවිච්චි කිරීමට ඇති උපකරණයක් නොවේ

(2010 පෙබරවාරි 15-W3Lankaහොඳම හමුදාව බවට පත්වී තිබූ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් දේශපාලනකර ණය වීම හේතුවෙන් ඒ තැන අහිමි කරගෙන ඇති බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අද "දිවයින"ට පවසා ඇත.


හමුදාව මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීමට පියවර නොගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කළ කරුණු විමසීමකදී "හමුදාවට දේශපාලනය කරන්න බැහැ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කර තිබෙන්නේ විශාල වරදක්‌. ඔහු හමුදාවේ සේවය කරද්දී හොර රහසේම දේශපාලනය කර තිබෙන බවට සැක පහල වෙමින් පවතිනවා," යි පවසා ඇත.


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ හමුදා නීතියේ 57 (1) වගන්තිය අනුව බව රජය පවසයි. යුද හමුදා සේවයේ සිටින අතරතුර දේශපාලනයේ යෙදීම, සේනාධිනායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, හමුදාපති ලෙස සිටියදී සේවයෙන් පළාගිය සෙබළුන්ගෙන් සැදුම් ලත් 1500ක පෞද්ගලික හමුදාවක් හැදීම, මිළ දී ගැනීම්වලදී දූෂණ වැනි චෝදනා ඔහුට යුද්ධාධිකරණයක් හමුවේ එල්ල වනු ඇති බව වාර්තා වේ.


මෙකී ඇතැම් චෝදනා එල්ල කළ හැකි තවත් බොහෝ අය හමුදාවල සිටිති. ඒ අයට එරෙහිවද නීතිමය පියවර ගැනීම හමුදාව දේශපාලනීකරණය වීමෙන් මුදා ගැනීමට ඇති හොඳ පියවරකි.


නීතිය යනු සතුරන්ගෙන් පළි ගැනීමට අවශ්‍ය විටෙක පාවිච්චි කිරීමට ඇති උපකරණයක් නොවේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා