හිටපු අග විනිසුරු තීන්දු දුන් පරණ කේස් ඇවිස්සීම හොඳ දෙයක් ද?

(2010 පෙබරවාරි 06-W3Lanka)  හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ලබා දුන් ඇතැම් නඩු තීන්දු පිළිබඳ යළි සලකා බැලීම සඳහා විශේෂ කොමිසන් සභාවක් පත්කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කෙළේය.


හිටපු අගවිනිසුරුවරයා විසින් එරෙහිව තීන්දු ලබා දී ඇති ආණ්ඩු පක්‍ෂයේ සියලු දෙනා වෙනුවෙන් මේ කොමිසම පත්කරන ලෙස ද ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හත්දෙනෙක් හෝ දහතුන්දෙනෙක් පත්කරන ලෙස ඉල්ලා සිටින බව ද ඇමැති පුෂ්පකුමාර හදිසි නීති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.


එහෙත්, අප නම් කියන්නේ මේ ඔස්සේ සිදු වන්නේ පරණ කුණු ඇවිස්සී පැරණි ගන්දස්කාරයන් යළි පැතිරීම බවයි. එබැවින් මෙය තේරුමක් නැත.


එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ගේ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත 2005දී රහස් පොලිසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණයෙන් සිය මානව හිමිකම් කඩ වන්නේ යයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. තරුණ කල සිය වත්මන් බිරිඳ බලන්නට තමන් සමග යන තරමට මිතුරකු වූ සරත් නන්ද සිල්වා යාළුවා එදා එම පෙත්සම අසා එම පරීක්ෂණය අත්හිටවූයේ නැතිනම් මහින්ද රාජපක්ෂ නම් ඓතිහාසික ජනපතිවරයා බිහි නො වන්නට තිබිණි. එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් රහස් පොලිසිය පැය පහක් ප්‍රශ්න කරන ලදී.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ඇමති ජගත් පුෂ්පකුමාරටත් එස්.බී. දිසානායක හෝ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ පරිද්දෙන් සමාවක් ලබා ගත හැකි බැවින් මේ අනවශ්‍ය කුණු කන්දල් අවුස්සන්නේ කුමට ද?

Comments

  1. A lot of lawyers agree that some of Silva's rulings went beyond the jurisdiction of his court, were unconstitutional, too activist, set bad precedents etc. These need to be corrected.

    ReplyDelete
  2. අග විනිසුරු දුන් නඩු තීන්දු ගැන කාල වකවානු නැත. තමට විරුද්දව අහපු දාපු නඩුවන් තමාම අහල, පැමිනිලි කාරය හිරේදාපු රටක්නෙ මේක. ගඳ ගැහුවත් මොකද අසරනයෙකුට දරු පවුල බලන්න ලැබෙනවනම්.

    ReplyDelete
  3. If they can bring this kind of Commission during election period people can see their nude. The decisions taken for those cases were not single decesions of Ex CJ, all thesee decesions were taken by panel of supreme court judges. People should ask commission for punished those who committed corruption during last decade including minister PUSPAKUMARA

    ReplyDelete
  4. මෙරටේ නීතිය අභිබවා යාමට කිසි පුද්ගලයෙකුට නොහැක.සරත් සිල්වා විසින් දී ඇතැයි සඳහන් නඩු තීන්දු යථාවත් කල යුතු බවට මෙරටේ විවිධ වෘත්තිකයන් විසින් ඉල්ලීම ඉදිරි පත් කර ඇත.
    මේ සඳහා පාර්ලිමේන්තුවට සම්පුර්න බලය ඇත.පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ජනාධිපති කොමිසමක් පත් කර (එය පත් කරන්නේ ජනාධිපතිය ) එකී නඩු වලට සම්බන්ධ පාර්ශව කැඳවා ඔවුන්ගේ දුක් ගැනවිලි විමර්ශනය කල හැක.
    නීතියේ පරම අභිප්‍රාය වනුයේ යුක්තිය ඉටුවීමයි.යුක්තිය, ප්‍රමාදවී හෝ අගතියට පත්වී ඇතැයි සඳහන් පාර්ශවයන්ට ඉටුවීම වරදක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා