හමුදාවට රට පුරා සිර ගෙවල්

(2010 පෙබරවාරි 10-W3Lankaපොලිස්පති මහින්ද බාලසූරිය හදිසි නීතිය යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වවුනියාවේ නෙලුම්කුලම කාර්මික විද්‍යාලයේ හමුදා කඳවුර, කොළඹ නාවික හමුදා මූලස්ථානය, කොළඹ යුද හමුදා මූලස්ථානය, කිරුළපන යදු හමුදා පොලිස් මූලස්ථානය, පනාගොඩ යුද හමුදා කඳවුර, ත්‍රිකුණාමලයේ නාවික හමුදා තටාකාංගනය හා අනුරාධපුර සාලියපුර හමුදා කඳවුර යුද හමුදා පොලිසිය විසින් හමුදා නිලධාරීන් සිරගත කර තබා ගත හැකි ස්ථාන ලෙස නිවේදනය කරන ලදී.‍


මේ හදිසියේ මෙවැනි පියවරක් ගනු ලැබුවේ කුමන අරමුණකින් ද යන්න බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබේ. මෑතක් දක්වා රණ විරුවන් ලෙස හැඳින්වුණු හමුදා නිලධාරීන් සිරගත කිරීම සඳහා හදිසියේ සිරගෙවල් අවශ්‍ය වී තිබෙන්නේ ඇයි?


1970දී එවකට සිටි රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා මරණ පරීක්ෂණයකින් තොරව මළ සිරුරු වැළලිය හැකි වන සේ හදිසි නීතිය යටතේ විධිවිධාන සැලැස්වී ය. 


1971දී කැරැල්ලක් ඇති වූ අතර සිය, දහස් ගණන් තරුණයන්ගේ සිරුරු ගංගාවල පාවී හෝ ටයර් මත දැවී ගියේ ය. මරණ පරීක්ෂණවලින් තොර ව බොහෝ මළ සිරුරු වැළලිණි.

Comments

  1. ජානාධිපති කම හෝ පොලිස්පති කම කියන්නේ සක්විති රජ කමට නෙවෙයි,හරිම පුදුම වැඩනේ වෙන්නේ ලංකාවේ සිද්ධ වෙන්නේ,ජානාධිපති කම විසින් මහින්දව බලු කලා,පොලිස්පති කමින් බාලසුරියව බලු කලා.හරිම කාලකණ්නි තනතුරු දෙකක් බලන්න හොඳ මිනිස්සුන්ව කැත මිනිස්සුන් කරන හැටි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා