මැලේරියා මර්දනය ගැන සම්මාන දිය යුත්තේ නිමල් සිරිපාලටද? මැලේරියා මදුරුවාටද?

(2010 පෙබරවාරි 19-W3Lanka1999දී 269,000ක් වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 2009 වන විට 486 දක්වා අඩු කිරීම පිළීබඳව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමක් ලැබී ඇති බව ඔහු පවසයි. ඒ නිසා අප ද ඔහුට ස්තුති කළ යුතු බව හා බදුලු ජනතාව ඔහු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ද ඔහු අදහස් කරනවා ඇත. එසේම ජනාධිපතිවරයාට ඊළග පාර්ලිමේන්තුවෙන් ද ඔහු ම සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමට පිළිබඳ සිත් පහළ විය යුතු යයි ද ඔහු සිතනවා විය හැකි ය. 


එහෙත් ඇත්ත වශයෙන් ම මේ සම්මානය හිමි විය යුතුව තිබෙන්නේ මැලේරියා මදුරුවාට බව අපේ අදහසයි. මක් නිසා ද යත්, නිමල් සිරිපාල ඇමතිවරයා ගැසූ මදුරු තෙල් ඩෙංගි මදුරුවා සත පහකට ගණන් නොගනිද්දී ඒවා ඇ‍‍ඟේ ගාගෙන මළේ ඌ නිසා ය. 


නිමල් සිරිපාලගේ මදුරු තෙල් ගැසීම හොඳ නම් 2009දී ඩෙංගි රෝගීන් ලක්ෂ තුනකට වඩා හමු වන්නේ නැත. 


අපට පෙනෙන අන්දමට නම් මෙතැන ඇත්තේ මැලේරියා මදුරුවාගේ මනුස්සකමක් හෝ දුර්වලකමක් හෝ විය යුතුය. (කොහොමත් මනුස්සකම යනු දුර්වලකමක් තමා ය.) 


එහෙයින් මැලේරියා මදුරුවා වහා සම්මානයක් දිය යුතුය. 

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා