අනුර ප්‍රියදර්ශන යාපාගේ ඉල්ලා අස් වීමට සැබෑ හේතු මෙන්න

(2010 පෙබරවාරි 12-W3Lanka)  තොරතුරු හා ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතුව ඔහු කාලාන්තරයක් මෙම තනතුර දැරුව ද ඔහුට ඇමතිවරයා ලෙස බලයක් නො තිබීම නිසා ඇති වු කලකිරීම හා ලජ්ජාව නිසා බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. 


ජනමාධ්‍ය පාලනය නිල වශයෙන් ජනාධිපතිවරයා යටතට පත් කරනු ලැබුවේ යාපා ඇමතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් පසුව වුව ද, එය ඇත්තෙන් ම පැවතියේ ජනාධිපතිවරයා යටතේ ය. මීට පෙර අවස්ථාවකදී ද මෙම අමාත්‍යංශය යාපා ඇමතිවරයාගෙන් ගලවන ලදමුත්, ඔහුගේ කණ් කෙඳිරි හමුවේ ඔහුට ඇමති ලෙස පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලදී. අනුර ප්‍රියදර්ශන යාපාට තිබුණේ ටයි කෝට් ඇඳගෙන ඇමති‍ ලෙස පෙනී සිටීමට පමණි. ඔහු එය මහත් අභිරුචියෙන් කළ මුත්, මාධ්‍ය ආයතනවල ඇතැමුන් ඔහු කවටයකු ලෙස සැලකීම පිළිබඳව සිටියේ කලකිරීමකිනි. එහෙයින් ඔහු රජයේ මාධ්‍ය ආයතනයකට ගොඩවුණේ ඉතා කලාතුරකිනි.


රජයේ මාධ්‍ය ආයතනවල කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිදු බලයක් අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිට නො තිබුණ අතර එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කර්නේ ඍජුව ම ඉහළින් ලැබෙන උපදෙස් පරිදි ය. 


අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස් වීම හරහා පළ කරන ලද විරෝධය අගමැති රත්නසිරි වික්‍රමනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ප්‍රධානීන්ගේ පොදු හැඟීමක් බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග පවසයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා