කොම්පියුටර් ජිල්මාල් වෙනුවට ඡන්ද පෙත්සම දෙපයින් සිටුවීම

පියාඹන්න ආසයි - ඔබ හා මා
(2010 පෙබරවාරි 17-W3Lanka)  2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලැබූ ජය අභියෝගයට ලක් කරන ඡන්ද පෙත්සමක් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. 


ප්‍රතිඵලය දූෂිත යයි පෙන්වීම සඳහා ගෙන එන ලද 'කොම්පියුටර් ජිල්මාල්' හෙවත් පරිගණක වංචාවක් පිළිබඳ පදනම් විරහිත තර්කය අතහැර දමා ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමයේ දූෂණ, අක්‍රමිකතා, අවනීතිය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන්ට එරෙහිව ඡ්න්ද පෙත්සම ගොනු කර තිබීම සුවිශේෂ ලක්ෂණයකි.


මේ ඔස්සේ ජනාධිපතිවරණ විරෝධය නැවත දෙපයින් සිටුවා ඇති බව අපේ අදහසයි. 


ජනාධිපතිවරණ පනත යටතේ මෙන් ම සාමාන්‍ය යුක්තිය යටතේ ද වැරදි ක්‍රියා වන රාජ්‍ය මාධ්‍ය අපහරණය, ජනාධිපති මන්දිරවල දන්සැල් පැවැත්වීම වැනි පොදු දේපල අපහරණයන්, රාජ්‍ය නිලධාරීන් හා හමුදා නායකයන් ප්‍රචාරණ කටයුතුවල යෙදීම, ඡන්දය දිනයේ සරත් ෆොන්සේකා පිළිබඳ වැරදි අදහසක් ඇති කරන ප්‍රචාරයක යෙදීම, ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුමක් පිළිබඳ බොරුවක් ප්‍රචාරය කරමින් ජාතිවාදය ඇවිස්සීම, චරිත ඝාතනය වැනි භෞතික සාධක මත ඡන්ද පෙත්සම පිහිටුවීම ජනාධිපති මහින්ද රාජපක්ෂට සැබැවින් ම අභියෝගයකි. ඒ වෙනුවට, 'කොම්පියුටර් ජිල්මාල්' එක මත ඡන්ද පෙත්සම පදනම් කළේ නම් එය ආණ්ඩුවට නියම 'ෆුල් ටොස්' එකක් වන්නට ඉඩ තිබිණි. 


දැන් ජනාධිපතිවරයාට මෙන් ම, විමල් වීරවංශ, සරත් කෝන්ගහගේ, හඩ්සන් සමරසිංහ, කාලිංග ඉන්ද්‍රතිස්ස වැනි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටස්කරුවන්ට නිතිය ඉදිරියට පැමිණ කරුණු ඉදිරිපත් කළ හැකිය. මාධ්‍ය ඉදිරියේ ජිල්මාල් දමා ජනතාව ගොනාට අන්දනවා වෙනුවට තම ක්‍රියාවන් නීතිමය හා ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම මත සාධාරණීකරණය වන්නේ කෙසේ ද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දැන් ඔවුන්ට අවස්ථාවක් ලැබී තිබේ. 

Comments

  1. ජිල්මාල් ගැන කිව්ව කට්ටියගේ කටේ පිට්ටු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා