ෆොන්සේකාගේ යුද ජයග්‍රහණ වෙනත් ඕනෑ ම කෙනෙකු හරහා ලබා ගන්න තිබුණා -ගෝඨාභය කියයි

(2010 පෙබරවාරි 11-W3Lankaඑක්සත් ජනපද පුරවැසියකු හා ලංකාවේ ආරක්ෂක ‍ලේකම් වන ‍ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පතට පවසන ආකාරයට සරත් ෆොන්සේකාගේ පරාජිත ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂගේ රට වන එක්සත් ජනපදය හා නෝර්වේ සහාය හා මුදල් දී තිබේ.

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ෆොන්සේකා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට ඇති මතය ප්‍රතික්ෂේප කරන ගෝඨාභය පවසන්නේ ඔහු අත් කර ගත් ජයග්‍රහණ වෙනත් ඕනෑ ම නිලධාරියකු හරහා ලබා ගත හැකිව තිබූ බවයි. ඔහුට වඩා හොඳ නිලධාරීන් සිටි බව ද ගෝඨාභය පෙන්වා දෙයි. 

ෆොන්සේකාට එරෙහිව යුද මෙන් ම සිවිල් අධිකරණවල ද නඩු පවරනු ඇති බව පවසන ගෝඨාභය යුද්ධාධිකරණ ක්‍රියාමාර්ග මාස හයක් තුළ අවසන් කිරීමට තමන්ට උවමනා බව ද පවසයි. 

2009 ජනවාරියේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම හා තවත් අතුරුදහන් කිරීම් පහකට හයකට ෆොන්සේකා සම්බන්ධ බව තමන් දන්නා බව ද මිනීමැරුම් කළ පුද්ගලයන් පසුපස තමන් එළවමින් සිටින බව ද ළගදීම සත්‍යය හෙළිදරව් වන බව ද ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Comments

  1. සරත් ෆොන්සෙකා හට ලසන්තට වඩා පහර එල්ල කල තවත් මාධ්‍යවෙදියෙක් සිටියි, නමුත් ජනතාව දන්නා ආකාරයට ලසන්ත අන්තිමට දැඩි චොදනා එල්ල කළෙ ගොඨාබයටය. ගොඨාබය මහතා වසර 15 ක් ඇමරිකාවෙ සිට නිවාඩුවකට වත් ලංකාවට නැවිත් ඉද ආපසු යුද්ධයට සහය දිමෙදි ඔහු තුල ඇති දක්ෂතාවය මට පුදුමයකි. සාක්ෂි මැවිමට අසිරු නැත. රාජ පක්ෂ පවුල එකතු වි මෙ විරයාට කරන නිග්‍රාහය වෙනුවෙන් ඔවුනට අනාගතයෙ කෙදිනක හො නින්දා විදිමට සිදුවනු ඇත.
    සත්‍ය කෙතරම් උත්සහා කලත් හැංගිමට නොහැකිය. එය කවදා කෙදිනක හො මතුවනු ඇත. බල කාමයෙන් මත්වි කරන ප්‍රකාශයක් හා මනුස්සයෙකුගෙ සැබැ අව්‍යාජ ප්‍රකාශයක් අතර වෙනස අදුනා ගැනිමට තරම් ජනතාව බුද්ධිමත් නොවිම රටෙ අභාග්‍යට කරුනකි.

    ReplyDelete
  2. We won this war because of the Rajapakses. Can anyone deny this?

    If Shavendra Silva or someone else was the commander of the army, we would still have won the war.

    Someone who joins with Tamil, Muslim racists and tries to topple our patriotic government with the help of Norwegian and US embassies, and after failing, tries to testify against his own country in a war crimes inquiry, is NOT A HERO. He should be hung like a dog!

    ReplyDelete
  3. ඒක කතාව හරි,නමුත් ‍තෝරා ගත්තේ ෆොන්සේකාව,ඇයි ඔළුවේ අමාරුවක් නිසාද ‍තෝරා ගත්තේ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Rajapaksas won the war thanks to brave solders who sacrificed their lives. We are indebt to them who sacrificed their life for our future. Some people who write comments for the articles deliberately forgot there were several army commanders who fought this war from the beginning of the ethnic problem. They were unsuccessful due to various reasons, but Fonseka was successful because right strategies, courage and devotion to his job. Of course we should not be forgot political leadership provided by MR together with world opinion and Indian factor etc. However, we boasted about war victories, to whom against we celebrating these victories, against section of our citizens who ask for better living rights in their own lands. We do not need to boast about the war victories, we have to win hearts and minds of these marginalized people. Then only we can say we all won as Sri Lankan nation

    ReplyDelete
  6. dan ina hamudha patita horek alganwath bhe ...ane ponna gota tho dana war

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා