අන්තිමට ඇෆ්ගන් රජයත් තලිබාන්වරු එක්ක සාකච්ඡා කරති


(2010 පෙබරවාරි 18-W3Lankaදීර්ඝ කාලීන ඇෆ්ගන් අර්බුදය සඳහා සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණින් ඇෆ්ගන් රජය හා තලිබාන් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය ජනවාරියේදී මාලදිවයිනේදී සිදු වී ඇති බව මාලදිවයින් රජයේ ප්‍රකාශක මොහොමඩ් සුහයිර් මාධ්‍යවලට පවසයි.


මෙම දෙපාර්ශ්වයේ නියෝජිත කණ්ඩායම් 11දෙනා බැගින් වී ඇති අතර ඔවුහු දින තුනක් සාකච්ඡා පවත්වා තිබේ. ඒ සඳහා තුන්වන පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු වී නැති මුත් මාලදිවයින පහසුකම් සැලැස්වීමක් කර ඇති බව පෙනේ.


තලිබාන් නියෝජිත පිරිස අතර ඇෆ්ගනිස්ථානයේ හිටපු අගමැතිවරයකු හා වර්තමානයේ ඇමරිකානු හමුදාවනට එරෙහිව සංග්‍රාම මෙහෙයවන යුද නායකයකු වූ ගුල්බුදීන් හෙක්මාටර්ගේ පුත්‍රයා ද සිටි බව මාලදිවයින් රජයේ ප්‍රකාශකයා පවසයි.

Comments

  1. එතකොට ඇෆ්ගනිස්ථානෙ හරහා යන තෙල් නලේට මොකද වෙන්නේ? බුෂ් දිව හපා ගනී නෙ.

    ReplyDelete
  2. අපරාදෙ, කොටිත් නොමරා සාකච්ඡා කරන්නනෙ තිබුණේ? නැත්ද?

    ReplyDelete
  3. ow ow sakachcha kara kara inna thibba. kammali unoth podi claymore parak daanawa.

    ane ban. lokenma avalangu wechcha ideology mee kunak apata wikunanna umbala dangala tharamak

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා