වෙන්ව නැසීමේ හා මහින්දට කඩේ යාමේ රනිල්ගේ අලි කලාව

(2010 පෙබරවාරි 12-W3Lanka)  එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය තරග කරන්නට යන්නේ අලියා ලකුණිනි. මෙම තීරණයට එළඹි කෘත්‍යාධිකාරී මණ්ඩලය කුමක් සිතුවත්, බිම් මට්ටමේදී සන්ධානයෙන් බැට කන එජාප සාමාජිකයාට අවශ්‍යව තිබෙන්නේ විපක්ෂය ලෙස ඒකාබද්ධව සටන් කර වෙනසක් සඳහා උපරිම උත්සාහය දැරීම බව අපගේ විමසුම් පෙන්වා දෙයි.


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ ඇති වී තිබෙන ආණ්ඩු විරෝධය සිය ජයග්‍රහණය සදහා යොදා ගත හැකි යයි එජාප බිම් මට්ටමේ සාමාජිකයෝ සිතති. 


එහෙත්, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල්වාදී එජාප නායකත්වයට අවශ්‍යව තිබෙන්නේ ආණ්ඩුවට තවත් අවස්ථාවක් ලබා දී එමගින් රනිල් වික්‍රමසිංහට අභියෝගාත්මක වන සරත් ෆොන්සේකාගේ සටන්කාමී නායකත්වය බිඳ දැමීම, ජවිපෙ දිය කර දැමීම, දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීම හා කම්කරු අරගල මර්දනය කිරීම බව දැනගන්නට ඇත. 


විපක්ෂ සන්ධානයක් බිහි වීම වැළැක්වීම සඳහා හොඳම උපාය අලියා ලකුණ අනිවාර්යයෙන් අවශ්‍ය යයි කේවෙල් කිරීම බව මෙම පිරිස අතර සාකච්ඡාවට භාජනය වී ඇති බව වාර්තා වේ. ජවිපෙ වැනි වාම නැඹුරුවක් සහිත පක්ෂ අලියා ලකුණ යටතේ තරග කිරීම සඳහා යොමු කර ගැනීම දුෂ්කර ය. 


රනිල්ගේ මෙම උපායමාර්ගයට ආණ්ඩුවේ පූර්ණ සහාය හිමි වී තිබෙන බව රජයේ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී පෙනේ. මේ වන විට එම මාධ්‍ය රනිල්ට පහර දීම සම්පූර්ණයෙන් ම නවතා ඇත. 


කෙසේ වෙතත්, මේ වන විට එජාප බිම් මට්ටමේ සංවිධාන කටයුතු අතිශය දුර්වල තත්වයක පවතී. එජාපයට ගම් මට්ටමෙන් සිටින්නේ ආධුනික ආසන සංවිධායකයන් පිරිසකි. සරත් ෆොන්සේකාගේ ආගමනයෙන් හා ජවිපෙ සමග සන්ධානගත වීමෙන් පසු එජාප බිම් මට්ටමේ සාමාජිකයන්ට යම් ජවයක් හා ප්‍රබෝධයක් ඇති වී තිබිණි. එජාපය වෙනම තරග කළහොත් එයට ලබා ගත හැකි ආසන සංඛ්‍යාව 2004 මහ මැතිවරණයේදී දිනා ගත් ආසන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් පමණ විය හැකි බව අධ්‍යයන පෙන්වා දෙයි. 

Comments

  1. රටේ වර්තමාන තත්වය අනුව බහුතරයක් එජා පාක්ෂිකයින්ගේ මතය සන්ධානගතව මහමැතිවරණයට තරග කිරීමයි. එයට හේත=ව ජවිපේ බොහෝ විට බිම් මට්ටමේ කි%යාශීලි ලෙස කටයුත= කිරීමයි. එජාප පාක්ෂිකයන්ට ජවිපෙ නිසා නව පණක් ලැබී තිබෙනවා. අනෙක් අතට ජවිපෙ විපතේදී පලා නොයන පක්ෂයක් බව සරත් පොන්සේකා සිද්ධියේදී පැහැදිලිව පෙන්නුම් කර තිබේ. වික%මබාහුගේ මැදිහත්වීම තරම් මැදිහත් වීමක් කරන්නට රනිල් ට නොහැකි වී තිබේ. "වළහ එන විට ගහට නැගපු යාළුවාගේ භ+මිකාව" මේ වන විට රනිල් රගදක්වනු ලබනවා.

    කෙසේ වෙතත් සරත් පොන්සේකා සිද්ධිය හරහා කවදාවත් නොවිය හැකි සිද්ධියක් ලෙස පෙනෙන්නට තිබූ "යූඑන්පී කාරයන් ජේවීපී වීම" සිදු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රනිල් නැවත වරක් "...කදී නසින්නට" සූදානම් වීම කණගාටුදායකය.

    ReplyDelete
  2. Correct analysis. Protect and build the alliance emerged. Don't look at Parliament as a safe haven. In the immediate future the arena of conflict would be the street. The events taking place in the country clearly demonstrate this. Also remember without the minorities you are weak. The election results tell us that the minorities in the North, the East, the Central and the Uva provinces are ready to join the common struggle. Remember to offer them due recognition.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා