රනිල් මෙදා පාරත් ලොස්!

අවස්ථාවේ හැටිය‍ට කේලමා කෝලමා විය යුතුය
(2010 පෙබරවාරි 22-W3Lanka)  කල් තබා ම පරාජය පිළි ගෙන, මහ මැතිවරණයට තනියෙන් තරග කර ජාමෙ බේරා ගැනීමේ අදිටනින් සිටි එක්සත් ජාතික පක්ෂය එන පොට හොඳ නැති බැවින් බියට පත් වී ඇති බව වාර්තා වේ. 


ජනාධිපතිවරණයේ පරාජයත් සමග එජාපය සරත් ෆොන්සේකා තනි කළේය. ජනාධිපතිවරණයේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව කැඳවීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. 


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පසුපස එජාපය හා ආණ්ඩුව අතර අවබෝධයක් පැවති බව ද නිරීක්ෂණවලින් පෙනේ. 


සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා නොබියව සටන් වැදුණේ ජනතා විමුක්ති පෙරමුණයි. 


ෆොන්සේකා ජවිපෙ සමග සන්ධානගතව කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නට යන බව වාර්තා වීමත් සමග කොළඹින් මනාප ගොඩක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින රනිල් වික්‍රමසිංහට දාඩිය දමා ඇති බව ද දැන ගන්නට තිබේ. 


එජාප මෙන් ම ජවිපෙ නායකත්වයට ද මෙම සන්ධානය හැදීමේ ඇත්ත උවමනාවක් තිබුණේ නැත. එහෙත් ජවිපෙ උපායශීලීව කටයුතු කළේය. ජවිපෙ පොදු ලකුණක අවශ්‍යතාව අවධාරණය කරද්දී එජාපය අලියා අවධාරණය කරමින් සිටියේය. 


එජාපය අලියා අවධාරණය කරන්නට එක් හේතුවක් වූයේ කොහේවත් යන අවටියල් පක්ෂයක නමින් විපක්ෂ සන්ධානය තරග කළ විට කොහේවත් නොසිටි කබ්බෙකු ෆෝම් වී එම සන්ධානයේ ලේකම් ලෙස බලවත් පුද්ගලයකු වීමයි. එය හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේනට වඩා සුසිල් ප්‍රේමජයන්ත ලොක්කකු වීමටත් වඩා නරක තත්වයකි. 


ජවිපෙට ද මෙම ප්‍රශ්නය තිබේ. 1994දී ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් මල් පෝච්චිය ලකුණ යටතේ තරග කර හම්බන්තොටින් එක් ආසනයක් දිනා ගත් ජවිපෙට අවසානයේදී එම මන්ත්‍රී පදවිය බුලේගොඩගෙන් බේරා ගැනීම පිණිස නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා හොර ලෙඩ ගන්වා රෝහල්ගත කිරීමට පවා සිදු විය. 


එහෙත්, අදාළ සන්ධානයේ ලේකම් ධුරය සඳහා දෙපාර්ශ්වයට ම පිළි ගත හැකි පුද්ගලයකු පත් කර ගැනීමෙන් මෙම අර්බුදය විසඳා ගත හැකිව තිබිණි. එජාපයට ඒ සඳහා උවමනාවක් නොතිබිණි. 


ජවිපෙට අලියා ලකුණ අසාත්මික වීම තේරුම් ගත හැකි කරුණක් වී තිබිණි. ජවිපෙ වැටී සිටි අසීරු තත්වය හමුවේ අඩු තරමේ ජවිපෙ කඩේ යවා ගත යුතු ය යන පදනමින් හෝ උපායශීලීව කටයුතු කිරීමට එජාප නායකත්වය අසමත් විය. 


අපට කීමට ඇත්තේ එක දෙයකි. එජාපය අම්බානකට ලොස් ය. මෙවැනි ලොසාලා සමග මේ නැගී එන නව නාසිවාදයට එරෙහිව සටන් කළ නොහැකිය. 

Comments

  1. [said]ජනාධිපතිවරණයේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව කැඳවීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. [/said]

    තවමත් සමස්ථයක් ලෙස ගත් කල ලංකාවේ ලොකුම මෙන්ම සියළු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙන පක්ශය විදියට තිබෙන එජාප යෙහි නායකත්වය ජෙනරාල්ව නිදහස් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩ කාරී මාර්ගය තෝරා නොගත්තේ 88-89 කාලවලදී සිදුවූ ප්‍රචණ්ඩත්වය හා ඉතා සමීපව කටයුතු කර එහි ඵල විපාක හොඳින් දන්නා බැවිනි. සිවුවන ඊලාම් යුද්ධයට විරුද්ධ වන්නේත් මෙම හේතුව නිසාමය. එබැවින් ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලනය නිවට කමක් ලෙස දැකීම යුක්ති සහගත නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  2. එක්සත් ජාතික පක්ෂය ලංකාවේ ලොකුම පක්ෂයයි.

    ReplyDelete
  3. meka liyana eka jvp eka gena monawath danne neti widisata mahinda karana hema balu wedakatama jvp eka 100% 200 yak waga kiyanna one mokada mahinda lasanta maranakota sirasata bomba gahanakota campas pelapali walata gahanakota jvp eka koheda hitiye 2007 bajat eka parada karanam memonawath karadara wenne nehane jvp eka tamai mahindata kade gehen metahwe etikale RANIL TA NETI WARADI KEYALA MADA GAHANNA PATAN GATTE JVP EKA JVP EKADAN KAPAGANNE EGOLLO WAPURAPU DEWAL EKATA UNP EKATA KARANNA DEYAK NENE

    ReplyDelete
  4. Fonseka denuwanam mulinma karanne unp eka neti karanaeka paradelath Fonseka tani tani unp mp lata katakarala eyath ekka election ekata enna katakarala tawa rate minessu danne neti tawa dewal tiyanawa unp eka jvp ekata yatawenna one da RANIL tamai ranilta elawa elawa gahapu CHNDRIKA ,MANGALA SARATH NANDA SILVA,SARATH FONSEKA,sripathi, jvp eka kelawagahtahama udawkaranna hitiye

    ReplyDelete
  5. මේ ලිපිය පක්ෂග්‍රාහී වැඩියි. බලන්න ලංකාවේ විපක්ෂ නායකතුමාට දාලා තියන රෑපය. ඇත්ත වශයෙන්ම මේක නම් විග්‍රහයක් නෙවෙයි අන්ධ පාක්ෂිකයෙක් දාපු ලිපියක් ව‍ගේ. මොන දේ වුනත්, තිබුනත් මේ ලංකාවේ විපක්ෂ නායක. ඔහු විශ්වාස කරන ජනතාවට, රාජපක්ෂ ආණ්ඩුවට විරැද්ධ අයට නිග්‍රහ කරන්න එපා. දේශපාලනය ගැන වුනත් මධ්‍යස්ථව හිතලා අනුන්ට අගවුරව නොවෙන විදියට ලිපි පලකෙරැවොතින් හොඳයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා