දෙමළ ජාතික සන්ධානය බිඳවැටෙයිද?

(2010 පෙබරවාරි 20-W3Lanka)  දෙමළ ජාතික සන්ධානය මේ වන විට දැඩි ලෙස ධනේශ්වර හා ඉන්දීය ගැති බලවේගවල ග්‍රහණයට ලක් වෙමින් ඇති බව ද, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගණනාවකට ම නාම යෝජනා නො ලැබෙනු ඇති බව ද වාර්තා වේ. 


පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ එම්.කේ. සිවාජිලිංගම්, එන්.ශ්‍රීකාන්තා, කේ. තංගේෂ්වරී, එස්. ගජේන්ද්‍රන්, පද්මිණී සිදම්බරනාදන්, සිවනන්ද කිෂෝර්, එස්. කනගරත්නම්, ටී. කනගසබෛ, සී.චන්ද්‍රනේරු ආදී මන්ත්‍රීවරු රැසක් නාම යෝජනා නො ලැබෙන පිරිස අතර වෙති. 


මේ වන විට ‍දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යය ආර්. සම්බන්ධන් (ඉලංකෛ අරසු කච්චි), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊ.පී.ආර්.එල්.එෆ්.) හා සෙල්වම් අඩෛකලනාදන් (ටෙලෝ) වැනි පිරිසක් අතට පත්ව තිබේ. කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ එහි බලපෑමෙන් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් වූ පක්ෂවලට අයත් නො වන මන්ත්‍රීන් හා ඉහත කී පිරිස අතර මේ වන විට ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.  


කෙසේ වෙතත්, දෙමළ ජාතිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සමගිය ආරක්ෂා කර ගන්නැයි දෙමළ ජනයා වෙතින් ඇති බලපෑමට සවන් දීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වයට බල කෙරෙමින් ඇති බව ද දැන ගන්නට තිබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා