නිරීක්ෂකයන් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යෙදවීම සඳහා අවසර දෙන්න

(2010 පෙබරවාරි 13-W3Lankaඅනාගත මැතිවරණවලදී නිරීක්ෂකයන් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යෙදවීම සඳහා අවසර දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනු ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. 


දැනට මැතිවරණ නිරීක්ෂකයන් යෙදිය හැක්කේ ඡන්ද මධ්‍යස්ථානවලට පමණි. 


ජනවාරි 26 පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේදී වංචාවක් සිදු වූ බවට විපක්ෂය චෝදනා කරන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සැකයක් ජනතාව අතර පැතිර පවතී. ඡන්ද වංචා කළ ආකාරය පිළිබඳ කටකතා පැතිර ගොස් ඇතත් ඒවා ඔප්පු කිරීමට සාක්ෂි විපක්ෂය විසින් ඉදිරිපත් ‍කළේ නැත. ‍


විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සිරගත කරනු ලැබුවේ ඔහු කරුණු සහිතව මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම වැළැක්වීමට බව විපක්ෂය පවසයි. 


කෙසේ වෙතත්, මේ වන විට ජනතාව අතර මැතිවරණ කෙරෙහි විශ්වාසය බරපතල අන්දමින් පිරිහී ඇති බැවින් එය නගා සිටුවීම සඳහා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂකයන් යෙදීම ඉවහල් වනු ඇත. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා