ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවෙන් ම උද්ඝෝෂණ

(2010 පෙබරවාරි 12-W3Lanka)  සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණ දැන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ මහරගම නගර‍යේ පැවති උද්ඝෝෂණයකදී භික්ෂුවක පොලිසියට ඇදගෙන යන ආකාරයයි. අද ද කොළඹ නගරයේත්, පිට පළාත්වලත් උද්ඝෝෂණ සංවිධානය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය කුළු, පොලු හා කඳුළු ගෑස් දැන් සිට ම සූදානම් කර තිබෙන බව ද වාරතා වේ.


මේ අතර ආණ්ඩුව ද දැන් කරගෙන යන ක්‍රියාමාර්ග තව හයියෙන් කරන්නැයි ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.


පිරිසිදු ජනමතය බාල්දු නොකරනු, රටේ ආරක්ෂාව තහවුරු කිරීමට නීතිය ක්‍රියාත්මක කරනු තේමා පාඨයන් යටතේ අද සවස තුනට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආණ්ඩුවේ වෘත්තීය සමිති විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.


මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ය.  


මෙම උද්ඝෝෂණයට සහභාගි වන ඔබට පහත සඳහන් ආකාරයේ සටන් පාඨ කිව හැකි ය.


මතේ මතේ - ජනමතේ
බලාපියව් - ජනමතේ

එපා එපා - අපට එපා
දෙදාස් පන් - සීය එපා

අපට හොඳා - දූෂණේ
මළත් මොකද - හාමතේ

විපක්ෂයට - තව ගහපිය
මාධ්‍යයට - තව ගහපිය

ෆොන්සේකා - වානා
ගෝඨා තමයි - ඕනා

ෆොන්සේකට - අපි බය නැහැ
බය නම් අපි - වෙව්ලනවනෙ

ආණ්ඩුවට - අපි කියන්නෙ
විපක්ෂයට - දෙන්න ගේම

ජනතාවනි ‍- ‍මේ අහන්න
මේ ඡන්දෙත් - දිනා දෙන්න

ඇමරිකා - ගෝ හෝම්
නෝර්වේ - ගෝ හෝම්


අපි යන්නේ - කොයි පාරේ
මියන්මාරෙ - ගිය පාරේ





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා