මදුරාසි ජේලර්ලා විසින් මරා දමන ලද ලාංකික සමාජ ක්‍රියාකාරිකයාට වන්දි

(2010 පෙබරවාරි 11-W3Lanka) මුහුදේදී ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවට පත් වන ධීවරයන් බේරා ගැනීම සඳහා මැදහත්ව කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයකු වන වර්ණකුලසූරිය කැනීෂියස් ප්‍රනාන්දු හට ඉන්දීය රු. මිලියනයක වන්දියක් ලබා දිය යුතු බව මදුරාසි මහාධිකරණය තීරණය කර තිබේ.


ධීවර නායකයකු වූ කැනීෂියස් නිසි අවසර සහිතව මදුරාසියේ මධ්‍යම සිරගෙදර සිටි ලාංකික සිරකරුවන්ගේ දුක සැප සොයා බැලීමට යමින් සිටියදී එම බන්ධනාගාරයේ ආරක්ෂකයකු විසින් ප්‍රධාන ගේට්ටුව අසලදී දෙවසරකට පමණ ඉහතදී වෙඩි තබා ඝාතනය කරන ලදී.


මෙම විනීමැරුම සම්බන්ධයෙන් ආදාළ ආරක්ෂකයාට නඩු පවරා ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා