පිටපත ඉවරයි; ෂූටිං ඇරඹේ; වීරයා හෙවත් ෆොන්සේකා හිරේ

(2010 පෙබරවාරි 09-W3Lankaජනාධිපතිවරණයේ අවසානයත් සමගම ආරම්භ කරන ලද විපක්ෂ ජනාධීපති අපේක්ෂක සරත් ෆොන්සේකාට කුමන්ත්‍රණ චෝදනා නැගීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙන අතර සිය කාර්යාලයේ සිටියදී යුද හමුදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබේ.


රාජකාරියේ යෙදී සිටිය දී රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමත් ඒ සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සහ හමුදාවේ විනය කඩ කිරීමත් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ සඳහන් කෙළේය.


ඉහත චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යුද හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව දිනමිණ පුවත්පතට කී ඔහු ෆොන්සේකා යුද හමුදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද කීවේ ය.


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේදී හෝ ගාලු පාරේදී ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් පැන ආ අය සහ විශ්‍රාමික පුද්ගලයින් යොදා ගැනීමට ෆොන්සේකා කටයුතු කර ඇති බව ද ඒ සඳහා කොළඹ සුපිරි හෝටල් දෙකක කාමර 70 ක් ද වෙන්කර තිබී ඇතැයි ද මේ හුළුගල්ල ම මේ දිනමිණෙන් ම කලින් කීවේ ය.


හෝටල් සිද්ධියේ හා ඉස්සර කළ කුමන්ත්‍රණයේ සම්බන්ධයක් තිබේ ද, හෝටල් කුමන්ත්‍රණයත්, ඉස්සර රාජකාරි කරද්දී කළ කුමන්ත්‍රණත් හැර තවත් කුමන්ත්‍රණ තිබේ ද, මේ ෆොන්සේකා යුද්ධයට නායකත්වය දුන්නේ ද මේ කුමන්ත්‍රණයේ ම කොටසක් ලෙස ද ආදී මේ කතාවේ රසබර හරිය අපේ පාඨකයන්ට දැන ගන්නට නො ලැබෙනු ඇත. මක් නිසා ද යත් ෆොන්සේකාට කරන්නේ කෝටුමස් කිරීමක් හෙවත් කෝට් මාෂල් කිරීමක් වන නිසා ඒ නඩු බැලවීම් මාධ්‍යවලට විවෘත නො වනු ඇත.

Comments

  1. I don't think that the assassination allegation, while plausible, is not likely. The problem is that Fonseka was going to testify against Sri Lanka in an international war crimes inquiry, and he needs to be punished for this betrayal. The government can't afford to let him out.

    ReplyDelete
  2. Sorry I meant I don't think that the assassination allegation was likely.

    ReplyDelete
  3. This shows how exemplary the SL leader to his people. A man pleaded for gratitude for his electoral victory shows how he grateful to his former commander. We knew from history how MR was grateful to the people who helped him to ascend this position first Anura,second Chandrika,third Mangala , fourth SF, next...

    ReplyDelete
  4. අයි ඕයි මේ මහින්දයා පැරදිච්චි ෆොන්සේකාට මෙච්චර බය,ගෝඨා හමුදාව සමුපකාරයක් වගේ කරලා,මෙවාට වන්දි නොගෙවා ඉන්න නම් රාජපක්ෂලාට සදාකල් බල්යේ ඉන්න වෙයි.එහෙම වුනොත් මේ වර්ග සැත්පුම් 25332,ඉන්දියන් සාගරයේ [අ]මුතු අටේ,ධර්මද්විපයේ,බුදුන් වැඩිය රටේ,ලෝකේන් උතුම් රටේ........එදාට ඉතුරුවෙලා ඉන්නේ රජ පවුලයි,කඩේ ගිය හම්පඩ නළු වේස නිලියෝ ටිකයි,නිල් බලුකායයි,ගිරා පෝතක ජැක්සන් ඇන්තනීසීයි විතරක් වෙන්න පුළුවන්.ලංකාව ඛේදවාචකයක්.

    ReplyDelete
  5. it would be interesting to see following in the present context.
    1 where are the buddhist monks who encouraged SF as a war hero during and after the LTTE showdown?
    2 what is the answer now from those ( actors, Uni proffessors, monks etc) who promoted "sensitive leader" (sanwaadi nayakaya".
    3 why MR regime is so fearful of the SF and opposition politics, since they have majority of the people.

    ( the ungrateful people of this country deserves the governmnet they got).

    ReplyDelete
  6. වීරයා නෙමේ මූ ද්‍රෝහියා.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා