63%කගේ අදහස ජනාධිපතිවරණ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බවයි


(2010 පෙබරවාරි 02-W3Lankaජනවාරි 26දා පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව W3Lanka බ්ලොග් අඩවිය විසින් පවත්වන ලද අන්තර්ජාල ජනමත සමීක්ෂණය අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බව 63%කගේ මතය වී තිබේ. 


26%ක් එය සාපේක්ෂ වශයෙන් සාධාරණ බව පවසති.

අසාධාරණ මුත් පිළිගත හැකි එකක් බව 10%ක් පවසති. 


ප්‍රතිඵලය මුළුමනින් ම සාධාරණ යයි පවසන්නේ 16%ක් පමණි. 


මෙම ජනමත විමසුමට සතියක් තුළදී පාඨක ප්‍රතිචාර 340ක් ලැබිණි. 


ඒ අනුව අදහස් පළ කර තිබූ ආකාරය මෙසේ ය.



මුළුමනින් ම සාධාරණයි
  57 (16%)
මුළුමනින් ම අසාධාරණයි
  224 (65%)
අසාධාරණයි, ඒත් පිළි ගත හැකියි
  36 (10%)
සාපේක්ෂ වශයෙන් සාධාරණයි
  23 (6%)

Comments

  1. මේ ජනමත විමසුමේ ප්‍රතිපල මුළුමනින් අසාධාරණයි :D

    ReplyDelete
  2. මම සාමාන්‍ය දැනීම පුරස්නයක් අහන්නං.... සිරි ලංකාවේ මුළු ජනගහණයෙන්, අන්තර්ජාල පහසුකම් භාවිත කරන ප්‍රතිශතය කීයද?

    ප්‍රශ්නය ටිකක් අමාරු කරන්නම්.... SFට කඩේ යන්නන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතු වෙන විධියට ඉහත උත්තරේට වඩා ජුන්ඩක් වැඩි උත්තරයක් එයි.

    සිරි ලංකාවේ ඡන්දහිමි නාමලේඛණයේ නම් සඳහන් ජනගහණයෙන්, අන්තර්ජාල පහසුකම් භාවිත කරන ප්‍රතිශතය කීයද?

    ම්ම්... ටිකක් විතර අඩු උත්තරේකට එමු..... සිරි ලංකාවේ ඡන්දහිමි නාමලේඛණයේ නම් සඳහන් ජනගහණයෙන්, සිංහල බ්ලොග් අඩවියකට වැරදිලාවත් ගොඩ වෙලා තියෙන අයගේ ප්‍රතිශතය කීයද?

    තවත් එකක්..... කුකීස්.... කුකීස් මකාදාන්න කී දෙනෙක් විතර දන්නව ඇත්ද? Clear cookies + Renew IP = Another Vote!!!

    රනිල්ගෙ Mr. Prabakaran සෙත්තපෝච්චි කොරලා යුද්දෙ දිනපු කාලේ කොටි හිතවාදී වෙබ් අඩවි වලිනුත් මේ වගේ මත විමසීම් කරලා අනේ හරි ලස්සනට පෙන්නුවා පිරබාහරන් ගොයියා අහිංසකයා කියලා... අනේ අපි නොදන්න කුකීස්....!



    පොල් පොල් po poll පොල් පොල් පොල් පොල්..... මේවා දකිනකොට අපට ROFL!

    ReplyDelete
  3. million 20 jana gahanayak inna ratey 340 aragena karana jana matha vimasumaka valangu baawaya mokakda?

    ReplyDelete
  4. @Shaakunthala: පව් බං, උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීපන්.
    මොකද ඇත්තට ඡන්දයක් දින්නන්නද?

    ReplyDelete
  5. So why don't we use your blog to conduct the presidential election as well. The majority of your readers are opposition supporters. That's a given.

    If you think there's anything wrong with the results, present the people, the courts, and the media with evidence as to why?

    Rejection of the people's democratic verdict will be met with maximum force. This is an NGO led foreign uprising to create unrest in Sri Lanka. We will fight back!!

    ReplyDelete
  6. ඕනෑම ජනමත සමීක්ෂණයක් කරන්නේ කිසියම් නියැදියක් යොදාගෙනයි.

    අප මෙම ජනමත සමික්ෂණයේ ප්‍රතිඵල මෙහි පළ කළේ කිසියම් නිරීක්ෂණයක් ලෙස පමණි. එය දැක කුපිත වීම ඔබගේ ප්‍රශ්නයක් මිස අපගේ ගැටළුවක් නොවේ.

    ජයග්‍රාහකයන්ගේ මෙවැනි ප්‍රතිචාර විසින් ඇත්තෙන් ම ඇති කරනු ලබන්නේ හොඳ ප්‍රතිඵල නොවේ. මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි යම් කුකුසක් ජනතාව තුළ ඇති බව අන්තර්ජාලයේ පමණක් නොව සාමාන්‍ය මිනිසුන් ජීවත් වන සමාජයේ හැසිරෙන ඕනෑම කෙනෙක් දනිති.

    මෙය බරපතල තත්වයකි. මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සමාජයක විශ්වාසය නැති වී යාම ඔල්වරසන් දීමට නොව හඬා වැටීමට හේතුවකි.

    අප මෙම මැතිවරණය දූෂිත බව කියන්නේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සමාජයේ පැතිර පවත්නා අවිශ්වාසය මත පදනම්ව නොවේ. සමස්ත රාජ්‍ය බලය එක් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරමින් සෙසු අපේක්ෂකයන්ට සාධාරණ අවස්ථා අහිමි කරමින් පවත්වන මැතිවරණයක් දූෂිත එකක් නො වන්නේ කෙසේද?

    ReplyDelete
  7. This reminds me of polls in Tamil websites that confidently proclaimed that Prabhakaran is alive. Personal incredulity is not grounds for contesting election results.

    The issue here is not your right to conduct polls. 60% of the population, including 3/4th of the Sinhala Buddhists, have voted against your NGO/Tamil/foreign backed candidate.

    You should accept this verdict and bugger off. Instead, it seems that you're going to create unrest in the streets. This will not be tolerated. We ended one war, and our foreign enemies in Western embassies and NGOs want to create another in the country. This will not be allowed. Their comprador agents will be dealt with by the people of this country!

    ReplyDelete
  8. (අන්තර්ජාලයේ පමණක් නොව සාමාන්‍ය මිනිසුන් ජීවත් වන සමාජයේ හැසිරෙන ඕනෑම කෙනෙක් දනිතිග. මෙය බරපතල තත්වයකි. මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සමාජයක විශ්වාසය නැති වී යාම ඔල්වරසන් දීමට නොව හඬා වැටීමට හේතුවකි.)

    යාළුවා අපි බබාල නොවේ...නිකං ලොකු ලොකු වචන දාල අල්ලන්න ආවට වැඩක් නෑ...
    ලංතාවෙ පරිඝනක සාක්ෂරතාවය 19%
    අන්තර් ජිල භාවිතය 1%

    ReplyDelete
  9. "ඕනෑම ජනමත සමීක්ෂණයක් කරන්නේ කිසියම් නියැදියක් යොදාගෙනයි."
    මේ නියැදියෙන් ශ්‍රී ලංකා සමාජයේ හැම ආකාරයකම පුද්ගලයින් නියෝජනය වෙනවාද? (ආර්ථික තත්වය, ගති පැවතුම්, ජීවන අවශ්‍යතා, දේශපාලන අදහස්)

    "එය දැක කුපිත වීම ඔබගේ ප්‍රශ්නයක් මිස අපගේ ගැටළුවක් නොවේ."
    අපෝ නෑ... අපි කුපිත වෙලා නෑ. කමෙන්ට් එක හොඳට කියවල බලන්න. මේක මරු විහිළුවක්.... ඒකයි ආතල් එකේ ආතල් ටයිප් එකේ කමෙන්ට් එකක් දැම්මේ...... කුපිත වුණා නං මටත් බනින්න තිබුණනේ NGO ඩොලර් වලට කහිනවා කියලා...

    "ජයග්‍රාහකයන්ගේ මෙවැනි ප්‍රතිචාර විසින් ඇත්තෙන් ම ඇති කරනු ලබන්නේ හොඳ ප්‍රතිඵල නොවේ."
    ඇයි නැත්තේ? මේ වගේ බොළඳ poll එකක් දැක්කම හිතට දැනෙන කූල් එක කූල් පිටම මෙතන ලියල යන එක හොඳ නැද්ද? කවුරුහරි බලල හිනා වෙයිනේ... පරාජිත පාර්ශ්වයේ අය නම් අපට 'තග' දාන්නත් පටන්ගෙන. නායකයා ප්‍රතිවාදීන්ට කටු ලෙවකවන හැටි කියද්දී අනුගාමිකයොත් ඒකටම තකට තක හරියන්න සෙට් වෙන එක පුදුමයක් නෙවෙයි. එතකොට ඒව හොඳ ප්‍රතිඵලද?

    "මෙය බරපතල තත්වයකි."
    O_o

    "අප මෙම මැතිවරණය දූෂිත බව කියන්නේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සමාජයේ පැතිර පවත්නා අවිශ්වාසය මත පදනම්ව නොවේ."
    ඕක සමාජයෙ හැම තැනම පැතිරිලාද? අපට නං ෂුවර් නෑ...

    සමස්ත රාජ්‍ය බලය එක් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරමින් සෙසු අපේක්ෂකයන්ට සාධාරණ අවස්ථා අහිමි කරමින් පවත්වන මැතිවරණයක් දූෂිත එකක් නො වන්නේ කෙසේද?"
    ඒක ඉතින් ඔබේ මතය. ඔබේ මතය පොදු සමාජයේ මතය ලෙස බොරුවට හුවා දක්වන මොංගල් poll එක ගැන අපේ ශෝකය මුසු වූ හාස්‍යය මෙතන අපි ප්‍රකාශ කළේ (ඒ දේ කරන්න ඔබට ඇති නිදහසටත් ගරු කරමින්)... තරහා ගනු එපා... :D

    ReplyDelete
  10. සමස්ත රාජ්‍ය බලය එක් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරමින් සෙසු අපේක්ෂකයන්ට සාධාරණ අවස්ථා අහිමි කරමින් පවත්වන මැතිවරණයක් දූෂිත එකක් නො වන්නේ එය මගේ මතය වන නිසා නොව එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැණි නිසා ය.

    ඔබට වැරදී ඇති තැන වන්නේ අප සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස සැලකීමයි. අපගේ පැරණි සටහන් කියවා බලන්න. සරත් ෆොන්සේකා කෙරෙහි අප සානුකම්පිත වූයේ මෙම තරගයේදී ඔහු පීඩිත පාර්ශ්වය වීම නිසා හා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ ජනතා අපේක්ෂා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළින් ප්‍රකාශ වීම නිසා ය.

    සරත් ෆොන්සේකා ඔබගේ වීරයකු මිස අපගේ වීරයකු නො වේ. වීරයා ඉඩි අමින් කරගෙන ඇත්තේ ද ඔබ ම ය. අපට ඔහු ඉඩි අමින් කෙනෙකු වූයේ ද නැත. ඔහු වෘත්තීය සොල්දාදුවෙකි. ඔහු කළේ ඉතිහාසයේ ඔහුට පැවරුණ කාර්යයයි. ජනාධීපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද යුද්ධයේ අනෙක් පාර්ශ්වය සම්බන්ධයෙන් ද එය එසේ ම ය.

    මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එය ද තවත් එක් නියැදියක් ආශ්‍රයෙන් ලැබුණු ප්‍රතිඵලයක් පමණක් බවයි. අන්තර්ජාලය භාවිතා කරන්නේ 1%ක් වුව ද ඒ ද නියැදියකි. සෑම වර්ගයක ම මිනිස්සු අන්තර්ජාලය පරිහරණය කරන්නන් අතර ද වෙති.

    ජනාධීපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සමාජයේ අවිශ්වාසයක් නැති ය යනුවෙන් තර්ක කරනවාට වඩා ප්‍රතිඵලය වංචාවකැයි සමාජයේ පැතිර පවතින අදහස දුර්මතයක් බව සාධක සහිතව පෙන්වා දීමට කටයුතු කිරීම ඔබ වැනි අයට කළ හැකි කාර්යයකි.

    එසේ ම ඉදිරි මැතිවරණවලදී හෝ සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරන්නැයි ඔබේ වීරයන්ට බල කරන්න. එවිට මෙවැනි අවිශ්වාසයන් ප්‍රකාශයට පත් නො වනු ඇත.

    ReplyDelete
  11. අනේ මංද. මේ වගේ පොඩි උන්ගෙ වැඩ කරන්නෙ ඇයි කියල. "කිකිලිද බිත්තරේද' කියල අහල මේ වගේ මාර ජනමත විචාරනයක් දැම්මනම් ඔයිට වඩා ඡන්ද ලැබෙන්න තිබුන. අර කිසි වැඩකට නැති සමීක්ෂණ වලටත් අඩුගානෙ ඡන්ද 5000ක් විතර ලැබෙනව. ඒත් ඉතින් ටිකක් හිනා වෙන්න මේවගේ ජෝක්ස් කෑලිත් නැතුවම බෑ. :)

    ReplyDelete
  12. මහින්දට වගේම මහින්දට පුක දෙන උන්ට වගේම අපිටත් මේ ඡන්දේ විහිලුවක්ම තමයි.

    ReplyDelete
  13. You are quite right Mr. editor, These pundits do not understand 1% of internet users are also a sample. Let them to sleep in their dream, they will wake up from their dream when they feel the discomfort of the reality.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා