2016 වන තුරු ජනාධිපති මහින්ද. ඉතින් ඊට පස්සෙ......

(2010 පෙබරවාරි 02-W3Lankaමහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය 2010 නොවැම්බර් 19 දින ආරම්භ වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 


ඒ අනුව, මහින්ද රාජපක්ෂට 2016 නොවැම්බර් 19 දින දක්වා බලයේ සිටිය හැකි ය. 


ඔහුට ව්‍යවස්ථානුකූලව තව වරක් ජනාධිපති ධුරයට තේරී පත් විය නො හැකි බැවින් මෙම වසර හය තුළදී අනිවාර්යයෙන් ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වනු ඇති බව ද නැතහොත් මෙම වසර හය තුළදී බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරගකාරීන් පරදවා මීළඟ විධායක ජනාධිපති අපේක්ෂකයා බවට පත් කෙරෙනු ඇති බව ද රාජපක්ෂ පෙළපතේ නිරික්ෂකයෝ පවසති. 


එබැවින් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ද අගමැති පදවිය එය අපේක්ෂා කරන මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකුට නො ලැබී රත්නසිරි වික්‍රමනායක වැනි වයෝවෘද්ධ පුද්ගලයකුට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා