Operation Do or Die; ඡන්ද මංකොල්ලය සූදානම්!


(2010 ජනවාරි 24 -W3Lanka) ජනවාරි 26දා පැවැත්වෙන ජනාධිපතිවරණය දැඩි උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමග ම පරාජයේ භීතිකාවකින් පෙළෙන පාලක පක්ෂය 'කෙසේ හෝ ඡන්දය දිනීමේ' සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.



විපක්ෂයට ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි පුද්ගලයන්ගේ හැඳුනුම්පත් පැහැරගෙන ඡන්දය දීමෙන් වැළැක්වීම හා විදෙස්ගත පුද්ගලයන්ගේ ඡන්දය හොරෙන් දැමීම ආදිය ඒ අතරින් ප්‍රමුඛ වේ. ‍ජනතාව බියපත් කිරීමේ, හොර ඡන්ද දැමීමේ, ඡන්ද පෙට්ටි පිරවීමේ හා ඡන්ද පෙට්ටි මාරු කිරීමේ සැලසුම් පවා ඇති බව විපක්ෂය පවසයි. දැනටමත් වතු කීපයක දෙමළ කම්කරුවන්ගේ හැඳුනුම්පත් මෙසේ පැහැරගෙන තිබේ. 

'කෙසේ හෝ ඡන්දය දිනීමේ' සැලැස්ම මුහුණ දෙමින් සිටින ප්‍රධාන ම ගැටළුව වන්නේ බිම් මට්ටමේදී මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහයෝගය දීම සඳහා පුද්ගල සම්පත් හිඟ වීමයි. ඒ නිසා ත්‍රිවිධ හමුදාව පවා එම කටයුතු සඳහා යෙදවීමට සිදු වී ඇති අතර ලොරියකින් සරත් ෆොන්සේකාට එරෙහි මඩ පෝස්ටර් හා අරක්කු ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා භටයින් දෙදෙනෙක් කුරුණෑගල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.


අත්අඩංගුවේ  සිටි කොටි සැකකරුවන් විශාල පිරිසක් මෑතදී හදිසියේ නිදහස් කර ගනු ලැබුවේ ‍ඡන්ද මංකොල්ල කටයුතු සඳහා එක්තරා ඇමතිවරයකුගේ මෙහෙයවීම යටතේ යෙදවීමට බව ද විපක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා